Day archives: අගෝස්තු 2nd, 2018

සෝමරත්නට සහ රේණුකාට එරෙහිව නඩු පැවරීමට සැරසෙයි

(02.08.2018 – 20:34 +0530 – sinhala.adaderana.lk) නිෂ්පාදනය කිරීමට සැරසෙන අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු නවතන ලෙස දන්වා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත ලියාපදිංචි තැපැල් මඟින් ලිපියක් යොමුකොට තිබේ. සිය සේවාදායකයාගේ උපදෙස් මත මෙම ලිපිය යොමුකොට ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණ නීතිඥ ජානක එදිරිසිංහ විසින් බව වාර්තා වෙයි. තම සේවා දායකයා වන දෙහිවල මල්වත්ත පාරේ අංක 66/3/1/1 ලිපිනයේ පදිංචි නඩරාජා …

යහපාලනය පෙරළා දමා ජනහිතකාමී ආණ්ඩුවක් හදන හැටි ගෝඨා කියයි..

(02.08.2018 – 15:00 +0530 – lankacnews.com) හරිමග සංවිධානය සහ කොළඹ 5 සංසදය මගින් වැල්ලවත්තේදී සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය : ‘‘අවුරුදු ගණනාවක් තිස්සේ ත‍්‍රස්තවාදය නිසා සියලූම ජනතාවට අහිමි වෙලා තිබූ මේ රටේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. තම දරුවන්ව සාමකාමීව හදාවඩා ගන්න තිබූ අයිතිය නැති …

“ප්‍රසාද්ට ඒඩ්ස් තියෙනවා කියලා දැනගනමයි මාත් එක්ක සම්බන්ධය පවත්වලා තියෙන්නේ, එයා මැරිලා අවුරුද්දකට පස්සෙයි මාත් දන්නේ මට ඒඩ්ස් කියලා”

(02.08.2018 – webgossip.lk) ‘ජීවිතය, වියා හමාර කළ නොහැකිව එතැනින් මෙතැනින් පත් ඉරු එල්ලෙන පැදුරක්’යැයි කියැවූයේ මළගිය ඇත්තෝ පොතේ බව මතකය. ඒත් ඒ උපමාව හරියටම ගැළපෙන්නේ මා ඉදිරිපිට හිනැහෙන ගතින් කුඩා ගැහැනියටය. අඬන්නට කාරණා දහසක්ම ජීවිතේ තිබුණත් ඒ ඇස් හිනැහෙන විට තවමත් ඉරි දෙකක් සේ කුඩා වෙයි.. ජීවිතය අතහැර පලා නොයනුව ඈ, අනික් අපටද බලාපොරොත්තු ගෙන …

පොතුවිල් මුහුදු විහාරයේ නටඹුන් විනාශ වෙයි

(02.08.2018 – 16:35 +0530 – sinhala.adaderana.lk) ඓතිහාසික වටිනාකමින් යුත් පොතුවිල් මුහුදු මහා විහාරයේ නටඹුන් කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා තිබේ. විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු බලධාරයෙකු මෙතෙක් අවධානය යොමුකර නොමැති බවයි. ෙපොතුවිල් ප්‍රදේශයට ඇති එකම බෞද්ධ විහාරස්ථානයවන පොතුවිල්, මුහුදු මහා විහාරය වටිනා ඓතිහාසික නටඹුන් රැසකින් සමන්විත විහාරස්ථානයක්. මෙහි දැනට ඉතිරිව …

බදු නැංවීමෙන් දුම්කොල සමාගමට රු. මිලියන 4000 ක අමතර ආදායමක්

(02.08.2018 – 13:10 +0530 – hirunews.lk/sinhala) දුම්වැටි මිල ඉහළ දැමීමෙන් රුපියල් මිලියන 4,000 ක අමතර ආදායමක් බ්‍රිතාන්‍ය – ඇමරිකා දුම්කොළ සමාගම වෙත ලබාදී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය චෝදනා කරනවා. පසුගිය වසර කිහිපයේ දුම්වැටි මිල ඉහළ දැමූ ආකාරය සැළකීමේදී එය දුම්කොළ සමාගමට වාසිදායක අයුරින් සිදුවී ඇති බවයි එහි විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා කියා …

‘ජනබල සේනා’ අද (02) කොළඹට

(02.08.2018 – 07:45 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබල සේනා විරෝධතාව සහ ජන රැළිය කොළඹදී අද (02) පැවැත්වෙනවා. පස්වරු දෙකට ලිප්ටන් වටරවුමෙන් ආරම්භවන විරෝධතා රැළිය විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කර එහිදී විරෝධතා රැලියක් පැවැත්වීමටද සැළසුම් කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ. මෙම විරෝධතාව සහ ජන රැළිය …

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 05 වන දා පැවැත්වෙයි

(02.08.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk) මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 55,326 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි. පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි …

බැංකුවකින් මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු මාට්ටු

(02.08.2018 – 09:34 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය බැංකුවකින් මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගල්කිස්ස, ගාලු පාර ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණ එහි සිටි නිලධාරිණියකට රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදී එය මාරු කර දෙන ලෙසට පවසා තිබේ. පසුව ඔහු අදාළ කවුන්ටරයට ඉහළින් එම නිලධාරිණිය සිටින ස්ථානයට ගොස් රුපියල් 15,000 ක මුදලක් කොල්ල …

ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් පාසල් සිසුවෙක් මරුට

(01.08.2018 – 09:43 +0530 – hirunews.lk/sinhala) මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක සිය නිවස ඉදිරිපිට පේර ගසක ගැට ගැසූ රෙදි පටියකින් සෑදූ තොණ්ඩුවක් බෙල්ලට දමාගෙන ගසෙන් බිමට පැන ඇති බව සඳහන්. එම අවස්ථාවේදී ගෙල සිරවීමෙන් බරපතල තත්වයේ පසුවූ දරුවා මුලංකාවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් …

ඇල්ටෝ, වැගන්ආර් මිල රුපියල් 375,000 කින් ඉහළට

(01.08.2018 – 13:20 +0530 – hirunews.lk/sinhala) එන්ජින් ධාරිතාව දහසකට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ඉහළ නැංවීමත් සමඟ ඇල්ටෝ, වැගන්ආර්, නිසාන් ඩේස්, වැනි කුඩා වාහන වර්ගවල මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් පමණ ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති අතර, අද …