Day archives: අගෝස්තු 4th, 2018

විපක්‍ෂ නායක කම ඒකාබද්දයටයි.. සන්ධානයේ සාමාජික පක්‍ෂ 3/4 අති බහුතරයක් තීරණය කරති… විරුද්ද වුනොත් අමරවීරට නඩු..

(04.08.2018 – 15:00 +0530 – lankacnews.com) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය විපක්ෂයේ මන්ත්‍රීන් 70 ක් එක්ව සිටින කණ්ඩායමට හිමි විය යුතුව ඇති බවත් එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 4 න් පක්‍ෂ 3 ක තීරණය බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සීටී. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මෙම ඇත්ත තත්වය …

රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි

(04.08.2018 – 12:43 +0530 – newsfirst.lk/sinhala) රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. ශ්‍රී ලංකා රේගු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64 කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට …

තිලංගගේ පත්තරෙන් ගහනවාට බිය නොවී කෝප් කමිටු සභාපති හෝ හෙව්වොත් හෙළිවන තවත් හෙල්පින් හම්බන්තොටක් වූ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතිය !

(04.08.2018 – News e Lanka) – ‘නිව්ස් ඊ ලංකා’ ස්පෝර්ට්ස්මන් ගේ හෙළිදරව්වකි – ගැහිල්ලට සහ නාස්තියට ලංකාවේ තවත් නම ගිය තැනක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොබෝදා හොඳ පුන්‍ය කටයුත්තකට මුදල් යෙදැවීය. ඒ එහි මෙතෙක් සුදු අලියෙකුව තිබූ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතියෙන් රුපියල් මිලියනයක ඖෂධ පිළිකා රෝහල වෙත ලබා දීම ය. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ …

ලංකාවේ හෘද රෝග වලින් දිනකට 120 ත් – 150 ත් අතර මිය යයි

(04.08.2018 – 07:02 +0530 – sinhala.adaderana.lk) හෘද රෝග වලින් මෙරට දිනකට පුද්ගලයින් 120 ත් – 150 ත් අතර සංඛ්‍යාවක් මියයන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ ප්‍රධානී හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ හෘද රෝග සඳහා තෘතීයික වශයෙන් ප්‍රතිකාර කිරීමේදී ඉතා විශාල පිරිවැයක් වැය වීම මෙවැනි මරණ …

සීගිරියට කේබල් කාර් දාන්න චීන කණ්ඩායමක් ගවේශණයක – නිලධාරීන් සැඟවීමේ උත්සහයක

(04.08.2018 – 11:24 +0530 – sinhala.adaderana.lk) මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා රහසිගතව චීන සමාගමක් සමඟ එක්ව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට කේබල් කාර් යෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන සිද්ධියක සුලමුල හෙළි කරගැනීමට අද දෙරණට හැකිවිණි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සිට පහළම කම්කරුවා දක්වා මෙම ව්‍යාපෘතිය ඉතා රහසිගතව දින තුනක තිස්සේ සීගිරිය ප්‍රදේශයේ අධ්‍යන කටයුතු කරන …

ගම්පොල රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට (විඩියෝ)

(04.08.2018 – 09:38 +0530 – hirunews.lk/sinhala) ගම්පොල – දොළොස්භාගේ මාර්ගයේ, වෙලගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල කාන්තාව පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. බස් රථය බස් නැවතුම්පොළේ නැවැත්වීමෙන් අනතුරුව මෙම කාන්තාව ඉන් බැස, බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට උත්සහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී ඇය බස් …

සබීතාපාය පරදන ගිවිසුමක් ලංවිමෙන්.. මාසෙකට කෝටි 15 යි.. ව්‍යාපාරිකයාගේ හොද්ද බොරවේ..

(04.08.2018 – 10:40 +0530 – lankacnews.com) මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් විදුලි බලාගාරයකින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය මිලට ගැනීම සදහා ගිවිසුමකට එළැඹ තිබේ. ඒ අනුව මසකට රුපියල් කෝටි 15 බැගින් ගෙවමින් වසර තුනක කාලයක් විදුලිය ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කර ඇත. නියමිත ඒකක ගණන ඉක්මවා ලබා ගන්නා සෑම ඒකකයකටම රුපියල් 25-40 අතර මුදලක් ගෙවීමටද ගිවිසුම්ගතව …

යාපනයේ ඇතිවී තිබෙන බිහිසුණු තත්ත්වයෙන් ජනතාව බේරා ගන්න : දිසාපති ආරක්ෂක ප්‍රධානින් ගෙන් ඉල්ලයි

(04.08.2018 – nethnews.lk) යාපනය ප්‍රදේශයේ හදිසියේ ඇතිවී තිබෙන බිහිසුණු වාතාවරණය නිසා සාමාන්‍ය ජනතාව බියට පත්ව සිටින හෙයින් වහාම එම තත්ත්වය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් ඊයේ (03) වනදා යාපනය දිසාපති කාර්යාලයේ පැවති සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමේදී පවසා සිටියා. කඩු කිනිසි රැගෙන මහජනතාව බිය වද්දමින් ක්‍රියා කරන විවිධ කණ්ඩායම් නිසා යාපනයේ …

වෛද්‍යවරුන් පමණක් රැකෙන වෛද්‍ය ආඥා පනත

(03.08.2018 – 21:23 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආඥා පනතෙන් නෛතික ප්‍රතිපාදන තිබුණත් එමගින් ආරක්ෂා වන්නේ වෛද්‍යවරුන් පමණක් බව මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසනවා. මහාචාර්යවරයා අද (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයෙන් තමා ඉල්ලා අස්වීමට හේතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම සඳහායි. +++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++ වෛද්‍ය …

කහ ඉරෙන් පාර මාරු වූ සිසුවා වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

(03.08.2018 – 16:51 +0530 – hirunews.lk/sinhala) ගාල්ල,මැදගම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවෙකු උඩුගම මුලික රෝහල ඇතුලත් කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල,මැදගම ආදර්ශ විද්‍යාලයේ සිසුවෙක්. එම සිසුවා කහ ඉර මතින් අපරික්ෂාකාරීව පාර මාරු වීමට උත්සහ කල අවස්ථාවේ මොරවක දෙස සිට නෙළුව දෙසට ධාවනය වු වෑන් රථයක ගැටී තිබෙනවා. අනතුර පිලිබඳව …