Day archives: අගෝස්තු 5th, 2018

මිනුවන්ගොඩ ඝාතනය, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් බවට සැක

(05.08.2018 – 19:14 +0530 – hirunews.lk/sinhala) මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස පොලීසිය සැක පළ කරනවා. පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 2017 වසරේ සිදුවූ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ පුද්ගලයෙකු බවයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා අද (05) දහවල් මිනුවන්ගොඩ …

භික්ෂු දඩයමේ සහ සංඝ භේදයේ අලුත්ම මාවත සංඝාධිකරණ පනත

(05.08.2018 – divaina.com) ‘විනයෝනාම ශාසනස්ස ආයු’ විනය යනු ශාසනයේ ආයුෂයයි යන්න බුද්ධ වචනයක් නොවුණත් එය සත්‍යයකි. ඒ නිසාම ඉතිහාසය පුරාම ථෙරවාදී භික්ෂූන් වහන්සේ බුද්ධ විනයට අනුගතව ක‍්‍රියා කිරීමට උත්සාහ දැරූහ. බුද්ධ වචනය පිරිසුදුව සුරක්ෂිත වීමට අදාළ වූ ප‍්‍රථම ධර්ම සංගයනා මෙන්ම දෙවැනි හා තුන්වැනි ධර්ම සංගායනා පවත්වා ඇත්තේ විනය කරුණු පදනම් කරගෙනයි. මහාවග්ග පාළි, චුල්ලවග්ගපාළි, …

නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ – විමල් කියයි

(05.08.2018 – 15:07 +0530 – sinhala.adaderana.lk) දෙරටේම ජනතාව මුලාවට පත් කරමින් ඉන්දියාව මත්තල ගුවන්තොටුපල තම ගොදුරක් බවට පත් කර ගැනීමට උත්සහ කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි. කොළඹ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍යහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට පැවරිම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු කිසිදු පාර්ශවයක් විසින් ඉදිරිපත් නොකරන …

දෙවියන් සමීපයේ සිට බුදුන් දකින්නට පැමිණි ගමන

(05.08.2018 – divaina.com) වයස අවුරුදු අටේදී පමණ හැටන් දික්ඔය ප‍්‍රදේශයේ විසූ සුබ‍්‍රමනියම් මහේන්ද්‍රන් නමැති දමිළ දරුවා කෝවිලක පූජකවරයෙකු ලෙස පත්වන්නේ මහේෂ්වර ෂර්මා නමින්ය. කාලයාගේ ඇවෑමෙන් හින්දු ආගම අතහැර බුදු දහම වැළඳ ගැනීම පමණක් නොව 2016 වසරේදී බගවන්තලාවේ රාහුල නමින් පැවිදි ජීවිතයට එළඹ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව මෙම වසරේ ජුලි මස 21 දින ලබා ගැනීමට පූණ්‍ය මහිමය …

ගෝඨාභය එනවාට ඇමෙරිකාව විරුද්ධ වෙයි

(05.08.2018 – divaina.com) මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රහසිගත මෙහෙයුමක් දියත් කරන බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ. අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා හමුවී ඇති ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රධානීන් පිරිසක්, හිටපු ආරක්‍ෂක …

ගුවන් යානයෙන් මාව බිමට බැස්සුවේ බලවන්තයෙක්… සිදුවූ අකරතැබ්බය ගැන උඩුවේ හිමියෝ වදාරති

(05.08.2018 – divaina.com) යහපාලනය මේ ගෙන යන්නේ ජෝන් ඩොයිලිට බැරිවූ වැඩ කොටසයි වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලි පැටියකු ළඟතබා ගැනීමේ චෝදනාව මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට නඩු පවරනු ලැබීය. ඒ සමඟම විදෙස්ගතවීම ද තහනම් කරනු ලැබීය. එසේ වුවද උන්වහන්සේට අවස්ථා කිහිපයකදී ම ධර්මදානය සඳහා විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසරය ලැබුණු බව මාධ්‍ය වාර්තාකර තිබිණි. නමුත් …

බලධාරීන්ගේ නෙත් පෑදූ ‘හිරු CIA’

(04.08.2018 – 19:53 +0530 – hirunews.lk/sinhala) මා ඔයට මුදා හැරුණු මාවනැල්ල මුලික රෝහලේ මල අපවහන පද්ධතියේ ගැටලුවට මාස දෙකක් ඇතුලත විසදුම් ලබාදෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසුව ඊට කඩිනම් විසදුම් ලබාදීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. මාවනැල්ල මුලික රෝහලේ මල මුත්‍ර ඇතුළු අප ජලය …

වාද්දුවේ වෙරළ හෝටලයක සාදයකදී හදිසියේ රෝගී වූ දෙදෙනෙකු මරුට

(05.08.2018 – 08:45 +0530 – hirunews.lk/sinhala) වාද්දුව වෙරළ හෝටලයක ඊයේ පැවති සාදයක් අතරතුර හදිසියේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාදය අතරතුරදී රෝගී වූ පුද්ගලයින් 04 දෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස අවුරුදු 20 ක් සහ 36 ක්. මෙම මරණවලට හේතුව …

අනතුරකින් ආබාධිත අම්මයි, තාත්තයි පාසල් නොගිහින් දහදුක් විඳ විඳ බලාගන්න දිරිමත් පුතා

(05.08.2018 – mawbima.lk) මේ දවස්වල 14 හැවිරිදි ගිහාන් විස්මිතට පැවැරී ඇත්තේ සුළු පටු රාජකාරියක් නම් නෙවෙයි. ඒක හරියට දරු පවුලක් බලාගන්නා තාත්තා කෙනකුට පැවැරී තිබෙන ලොකු වගකීම් සම්භාරයක් ඇති රාජකාරියක් වගේ එකක්. ඒත් ගිහාන් ඒ රාජකාරිය හරි හැටි ඉටුකරනවා. ඔහු උදේ පාන්දර නැඟිටලා තමන්ගේ පුංචි මල්ලිට වගේම නංගිට කන්න කෑම උයනවා. ඊළඟට අම්මා තාත්තාගේ වැඩ. …

ලංකාවට එවන්න හැදූ ඩෙටනේටර් 5,000 ක් ඉන්දියාවේදී අල්ලයි

(05.08.2018 – mawbima.lk) මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් පන්දහසක් සහිත පෙට්ටි පනහක් රාමේශ්වරම් පොලිසිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි. පොලිසියට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී රාමේශ්වරම් නගරයේ නිවෙසක පිටුපස සඟවා තිබියදී එම …