Day archives: අගෝස්තු 8th, 2018

දුම්රිය මගීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව අවට රථවාහන තදබදයක්

(08.08.2018 – 17:12 +0530 – hirunews.lk/sinhala) දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනයට විරෝධය පළ කරමින් දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය …

අද (08) සවස 3 සිට දුම්රිය වර්ජනයක්

(08.08.2018 – 15:16 +0530 – sinhala.adaderana.lk) අද (08) සවස 3.00 සිට වැඩ වර්ජනයක් ඇරඹීමට දුම්රිය රියදුරන්, නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ ෴ ******************************************** ජංගම දුරකථන සංවාද අනවසරයෙන් පටිගත කිරිමේ සුදානමක් ගැන හෙළිදරව්වක් (08.08.2018 – 13:24 +0530 – sinhala.adaderana.lk) ඕනෑම පුද්ගලයෙකුගේ ජංගම දුරකථන සංවාද අනවසරයෙන් පටිගත කළ හැකි අධි තාක්ෂණික උපකරණයක් මෙරටට ගෙන්වා …

වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවක්

(08.08.2018 – 13:25 +0530 – hirunews.lk/sinhala) වාද්දූව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඊයේ දිනයේදී සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයට ලක් වූ අතර එම අවස්ථාව වන තෙක් හෝටලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණා. දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම සාදය …

කතානායක රූකඩයෙක්.. ගේන්නේ ගොං තර්ක.. – කතානායකට කුණුම කුණු බැනුම්

(08.08.2018 – 15:00 +0530 – lankacnews.com) කතානායකවරයා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාගේ මතය විමසීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. සන්ධාන ලේකම්වරයාගේ මතය විමසීමට කතානායකවරයාට කිසිදු අයිතියක් නැති බව පැවසු රණතුංග මහතා පක්ෂ ලේකම්වරුන් සමඟ ගනුදෙනුවක් ඇත්තේ මැතිවරණ …

මහ බැංකු වංචාවෙන් පසු මහජන බැංකුවෙත් දැවැන්ත වංචාවක්

(07.08.2018 – lankatruth.com) මහ බැංකුවේ වංචාවෙන් පසු මේ වනවිට මහජන බැංකුවේද දැවැන්ත වංචාවක් සිදුවෙමින් තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා අනාවරණය කරන ආකාරයට මහජන බැංකුවේ උප සභාපතිවරයෙකු වන ජෙහාන් අමරතුංග නැමැත්තා විසින් සියළුම නීත්‍යමය තත්වයන් උල්ලංඝණය කරමින් රුපියල් බිලියන 10 ක ණයක් ලබාගෙන ඇත. රුපියල් මිලියන 10 …

ඥානසාර හිමි වරදකරු වෙයි

(08.08.2018 – 11:04 +0530 – hirunews.lk/sinhala) අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04 ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළා. මේ පිළිබඳව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව කැදවූ අවස්ථාවේදී දැනුම් දෙනු ලැබුවා. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති …

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න දිවි ගමනට සමුදෙයි

(08.08.2018 – 08:22 +0530 – hirunews.lk/sinhala) ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මියයන විට 75 වන වියේ පසුවුණා. අමකර කුරවි සරින්, මිහිලියගේ තුණු සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් මොහු විසින් ගායනා කර තිබෙනවා. එමෙන්ම සිනමා …