Day archives: අගෝස්තු 20th, 2018

රාජා දීර්ඝ ගමන අතරතුර වෙහෙස නිවා ගත් හැටි

(20.08.2018 – nethnews.lk) සියලු ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටින නැඳුන්ගමුවේ රාජා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම වීම සඳහා යන ගමන අතරතුර ඊයේ (19) හිඟුල, මාවෙල මල්වතු විහාරයයේදී ගමන් වෙහෙස නිවා ගත්තා. පසුව යළිත් ඊයේ පස්වරු 5.30 ට ගමන් ආරම්භ කළ අතර රාජා 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම වීමට නියමිතව සිටිනවා. …

නාම පුවරු වෙනස් කරන විග්නේෂ්වරන්ගේ යෝජනාව පිටුපස ඇති අනතුරක් මන්ත‍්‍රීවරයෙක් පෙන්වා දෙයි

(20.08.2018 – nethnews.lk) උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නීති විරෝධි ප‍්‍රකාශ හමුවේ ආණ්ඩුව තවදුරටත් නිහඩව සිටියහොත් වඩාත් බරපතල විපාක ලැබීමට රටටම සිදුවනු ඇතැයි පිවිතුරු හෙළ උරුමය අනතුරු අඟවනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ මීට පෙර ද එක් අවස්ථාවකදී සිදුවූවාක් මෙන් නැවත උතුරු පළාතේ ඒකපාර්ශවීය දෙමළ රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්වීමට ද ඉඩ …

අත්පය වාරු නොවූ පුංචි දියණියකගේ දුක්බර කථාවක්

(20.08.2018 – 17:49 +0530 – sinhala.adaderana.lk) මෙලොව ඉපදුන ඕනෑම පුද්ගලයෙක් අසනීප වීම සාමාන්‍ය කරුණක් වුවත් ඉතා අසාමාන්‍ය ලෙස අසනීප තත්ත්වයකට මුහුණ දුන් දරුවෙක් අද දෙරණට වාර්තා වුණා. නමින් එම්.ජී.පවනි කාවින්ද්‍යා වන ඇය වයස අවුරුදු 13 ක් වු ළමුන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දුවයි. පොළොන්නරුව, කඩවරවැව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි ඇය මේ වන විට විශේෂ අවශ්‍යතා සහිත …

වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් විරෝධතාවක

(20.08.2018 – 15:37 +0530 – hirunews.lk/sinhala) වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. අද දින මෙලෙස කාන්තා රැඳවියන් යළි විරෝධතාව ආරම්භ කර ඇත්තේ ඔවුන් බන්ධනාගාරයේ වෙනත් ස්ථානවලට මාරු කිරීමට විරෝධය පළ කරමින්. මීට දින කිහිපයකට පමණ පෙර ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කාන්තා රැඳවියන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් …

හෙළුවැල්ල පරම සැපතයි.. – ඒකාබද්දයෙන් නිවේදනයක්..

(20.08.2018 – 16:40 +0530 – lankacnews.com) ඒකාබද්ද විපක්‍ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : ප්‍රවෘත්ති නිවේදනය පසුගිය ජූලි 24 වැනි දා සිට ක්‍රියාත්මක වන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා විසින් යහපාලන ස්ථාවරභාවය වෙනුවෙන්ම පනවන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවක් නියම කොට ඇත. ඒ අනුව, වයස 35 …

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 31 දෙනෙකු අත්අඩංගුවට

(20.08.2018 – 13:50 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගනිමින් වෙරළ සාදයකට යමින් සිටි පුද්ගලයින් 31 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රීයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති මොවුන් අතර තරුණියන් තුන්දෙනෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ. අවුරුදු 18 ත් 30 ත් අතර වයස්වල පසුවන මෙම පිරිස ග්‍රෑන්ඩ්පාස්, වාද්දුව සහ කොළඹ …

ආණමඩුව හෝටල් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ඇතුලු තිදෙනෙක් පොලිස් දැලේ

(20.08.2018 – 07:18 +0530 – hirunews.lk/sinhala) පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි හෝටලයකට, ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (20) අලුයම අත්අඩංගුවට ගත් මොවුන් ආඩිගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීිසිය වැඩිදුරටත් කියා සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිසිය සඳහන් කළා. පෙරේදා …