Day archives: අගෝස්තු 21st, 2018

අන්තරේට දෙවතාවක් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර – තුවාල ලැබූ හිමිනම ජාතික රෝහලට

(21.08.2018 – 19:03 +0530 – sinhala.adaderana.lk) අග්නිදිග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (21) කොළඹ සංවිධාන කර තිබූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් හා ජලප්‍රහාර එල්ල කළේය. එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ …

රාජපක්‍ෂ පවුලට මැතිවරණයකට තරග කරන්න බැරිවෙන ව්‍යවස්ථා සංශෝධනයක්… ලංකාවෙන් ලෝක වාර්තාවක්…

(21.08.2018 – 15:00 +0530 – lankacnews.com) යහපාලන ආණ්ඩුවේ එකම අරමුණ මහින්ද රාජපක්ෂ යළි බලයට ඒම වැළක්වීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ බලයට ඒම වැළක්වීම සඳහා ඕනෑම පාවාදීමක් සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බව පැවසූ රණතුංග මහතා රනිල්-මෛත්‍රී හවුලේ එකම හීනය ජාතිය පාවා දී හෝ බලය රැකගැනීම බවත් …

තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග…

(21.08.2018 – 13:20 +0530 – lankacnews.com) සත්ව අවිහිංසා ජාතික එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග… ගවයින් ඇතුළු තවත් සතුන්ගේ ජිවිත අමු අමුවේම බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් ‍අද හෙටම එළඹෙන්නට නියමිතය. දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, එම සතුන්ගේ රුධිරයෙන් තම දෑත් හා නිවෙස් සෝදාදමන මෙම …

ගාලු වරායේ කොටසක් ‘සුවසැරිය’ ගිලන් රථ සමාගමට.. රූමස්සල වෙරල තීරයත් දෙන්න සූදානම්…

(21.08.2018 – 15:50 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : ඉන්දියානු ගිලන් රථ සේවා සමාගමට ගාල්ල වරායේ කොටසක් දීමේ සූදානමක්. 2018-5- 25 ගාලු වරායේ Marina (බෝට්ටු නැවතුම්පොළක් හා සංචාරකයන්ට පැමිණීමට පහසුකම් සහිත ස්ථානයක්) සාදා පවත්වාගෙන යාම සදහා වරාය අධිකාරිය විසින් ටෙන්ඩර් කැදවා තිබූ අතර එම …

ඥානසාර හිමියන්ගේ සැත්කම අවසන් – කෝට්ටේ සංඝ සභාව, ජනපතිට ලියයි

(20.08.2018 – 19:05 +0530 – hirunews.lk/sinhala) සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කිරීම සඳහා අද පැයක පමණ ශල්‍යකර්මයක් සිදුකෙරුණා. ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ගනිමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදියි. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ උන්වහන්සේ ශල්‍යකර්මයෙන් අනතුරුව මේ වන විට …

“බුදුන්ගේ රස්තියාදුව” කෘතියට එරෙහිව නීතිමය පියවර ගන්න : ඇමතිවරයා පොලිස්පතිට දන්වයි

(20.08.2018 – nethnews.lk) බුදුන් වහන්සේට හා බුදු දහමට නිගා දෙන අයුරින් ලියා පළකර තිබෙන බුදුන්ගේ රස්තියාදුව නම් කෘතිය සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නා ලෙස මෙන් දන්වා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ගෙන් අද (20) ලිඛිතව ඉල්ලා තිබෙනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ එම කෘතිය අන්තර්ගතය තුල …

විදෙස් ලාංකියන්ගේ ලිපි ලේඛන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්

(20.08.2018 – 19:19 +0530 – lankadeepa.lk) විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලු ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක‍්‍රමවේදය දිවයිනේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙම අවබෝධතා ගිවිසුම යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගාලූ දිස්ත‍්‍රික්කයේ පිහිටි …