Day archives: අගෝස්තු 26th, 2018

බුද්ධ ධර්මය විකෘති කිරීම වළක්වාලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග‍්‍රහයක් ඉල්ලයි

(26.08.2018 – 19:56 +0530 – lankadeepa.lk) බුදුරජාණන් වහන්සේට නිගා කිරීම, බුද්ධ ධර්මය විකෘති කිරීම හා පිළිගත් බෞද්ධ සංස්කෘතික සම්ප‍්‍රදායන් අවමානයට ලක්කිරීම ආදිය වළක්වාලීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග‍්‍රහයක් ලබාගෙන එය බලාත්මක කිරීමට පියවර ගන්නැයි ඉල්ලා බුද්ධශාසන කාර්ය මණ්ඩලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ. එහි සමලේකම්වරුන් වන තිරිකුණාමලේ …

2018 දළදා පෙරහැර සාර්ථකව අවසන් වෙයි

(26.08.2018 – 09:23 +0530 – sinhala.adaderana.lk) 2018 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් අවසන් විය. ඒ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් වූ බවට සැලකෙරෙන සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුවයි. ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර විථි සංචාරය ආරම්භ කෙරුණේ ඊයේ රාත්‍රි 7.58 ට යෙදුන සුබ මොහොතිනි. …

දුරකථනය ඔබේ අතේ අංකය හොරු අතේ…! සියල්ලම අවුල් කළ හැක ජංගම දුරකථන කොල්ලයක්!!

(26.08.2018 – divaina.com) මෙරට ජනගහනය කෝටි දෙකකට අධිකය. ඔවුන්ගේ ප‍්‍රවාහන හා සේවා පහසුකම් සැපයීම පිණිස රටතුළ මේ වන විට ධාවනයේ යෙදෙන රථවාහන සංඛ්‍යාව ගත් කල එහි අගය ලක්‍ෂ හැත්තෑව ඉක්මවා යන්නක්ය. ඒ අතරින් බහුතරයක් අයත් වන්නේ යතුරු පැදි ගණයටය. ඒ අනුව මෙරට රථවාහන හිමියන්ගෙන් වැඩි පිරිසක් යතුරු පැදි හිමිකරුවන්ය. ‘‘සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය’’ නමින් …

දෙණිපිටියේ ලක්ෂ දොළහේ කොල්ලයට 3 ක් අත්අඩංගුවට

(26.08.2018 – 12:23 +0530 – hirunews.lk/sinhala) මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන තුනක්, සහ සොරාගත් රුපියල් 40,000 ක මුදලක් සොයාගෙන ඇති බව …

හිරු CIA අනාවරණයෙන් පසු ඇස් අරුණු නිලධාරීන්

(26.08.2018 – 20:46 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (25) අප අනාවරණය කලේ දකුණු පළාතට අයත් මාදම්පාවිල අභයභූමිය අම්බලන්ගොඩ නගර සභාව මගින් කැළි කසල අවිධිමත් ලෙස ගෙනවිත් දමමින් ආක්‍රමණය කරන ආකාරයයි. මෙම කසල බැහැර කිරීම හේතුවෙන් මාදම්පා ගග මේ වනවිත් දුෂණය වී මෙම පරිසර පද්ධතියට ආවේණික සත්ව විශේෂ 138 කට සෘජු බලපෑම් එල්ල වෙමින් …

සංහිඳියාවේ බෞද්ධ විරෝධය; නිර්වස්ත‍්‍රං පරමං සුඛං – චතුර පමුණුව

(26.08.2018 – divaina.com) උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් උතුරු නැගෙනහිර ඇති සියලූ යුද ස්මාරක ඉවත් කළ යුතු බව පවසද්දීම කොළඹ නගරාධිපතිනියගේ කාමරයේ තිබූ ඓතිහාසික බුදු පිළිමය අතුරුදන් වේ. කොළඹ නගරාධිපති ලෙස කොතෙක් අබෞද්ධයින් පත් වූවද මේ බුදු පිළිමය අතුරුදන් වූයේ නැත. නමුත් වත්මනේ නගරාධිපතිනිය වන විවාහක රූ රැජින මූලධර්මවාදී ක‍්‍රිස්තියානි නිකායකට අයිති නිසා …

දේශද්‍රෝහි පනත් සම්මත කරන මේ පාර්ලිමේන්තුව රටට විනයක්! – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(19.08.2018 – divaina.com) ශ‍්‍රීලනිප ජනාධිපතිවරයකුගෙන් සහ එජාප අගමැතිවරයකුගෙන් සැදුම් ලත් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී ලැබෙන සහයෝගය මත රට වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වනු ඇතැයි ජනතාව තබා තිබූ සියලු බලාපොරොත්තු අද වන විට බිඳවැටී ඇතැයි මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී සම්මත කරගන්නා …