Day archives: සැප්තැම්බර් 3rd, 2018

‘‘මුළු කොළඹම වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එනවා’’ – පවිත්‍රා

(03.09.2018 – 15:22 +0530 – lankadeepa.lk) ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) උඩවළවේ දී පැවසුවාය. ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ උඩවලව උප …

නඩුව නිම වන තුරු, හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු 3 ක් රිමාන්ඩ්

(03.09.2018 – 11:46 +0530 – hirunews.lk/sinhala) සතොස ආයතනයේ රුපියල් මිලියන 5 කට අධික මුදලක් අවභාවිතා කළ බවට එල්ල වන චෝදනාවට අදාළ නඩු විභාගය අවසන් වනතුරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළා. මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ ඊට අදාළ නඩුව අද …

දකුණේ ලංගම සේවකයින් තුන්වන දිනටත් වර්ජනයේ

(03.09.2018 – 16:06 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ සියලුම බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. 2015 වසරේ රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000 ක දීමනාව, තවත් දීමනාවක් ලෙස නොව, වැටුපට එකතු කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ වර්ජනය හේතුවෙන් …

ඇප ලැබුණු හිමිවරුන්ට, පොලීසියට ප්‍රකාශයක් දෙන්නැයි නියෝග

(03.09.2018 – 19:05 +0530 – hirunews.lk/sinhala) ඇප මත මුදා හැරුණු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව කොටුව පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. වරෙන්තුවක් මත අධිකරණයේ පෙනී සිටි භික්ෂූන් වහන්සේලා සිව්නම ඇප මත මුදාහරින ලෙසටයි කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග …

ලංකාවට එරෙහි යුද්ධයේ අලුත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

(02.09.2018 – divaina.com) ‘‘ඇමරිකා එක්සත් ජනපද පාලනාධිකාරිය, ගෝලීය ව්‍යාපාරික ආධිපත්‍යය සහ යහපාලන රජය එකට එක්වූ ‘‘ශුද්ධ වූ’’ සන්ධානයක් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව අප‍්‍රකාශිත යුද්ධයක් ක‍්‍රියාත්මක කර ඇත. පැහැදිලිව නොපෙනෙන මේ ආර්ථික යුද්ධයේ ප‍්‍රතිඵලය, තිස්වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි යුද්ධයට වඩා මාරාන්තික වනු ඇත. ඊට එරෙහිව සටන් කිරීමට සහ ප‍්‍රතිවිරෝධය දැක්වීමට අප අසමත් වුවහොත්, …