Day archives: සැප්තැම්බර් 5th, 2018

ජනබලය කොළඹට විරෝධතාවට පැමිණි පිරිසකට කඩවතදී ප්‍රහාරයක්

(05.09.2018 – 19:00 +0530 – hirunews.lk/sinhala) ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් සංවිධාන කටයුතු කරමින් සිටි පිරිසකට ඊයේ රාත්‍රියේ කඩවතදී ප්‍රහාරයක් එල්ල කළ එක්සත් ජාතික පාක්ෂිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරු මහර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයාගේ ආධාරකරුවෙකු බවයි. ජනබලය කොළඹට විරෝධතාවට සහය පළ කරමින් කඩවත නගරයේ සැරසිලි කරමින් සිටි ඒකාබද්ධ …

ජන බල විරෝධය පැවැත්වෙන ස්ථානය මෙන්න.. කොළඹ සියළු මාර්ග අවහිර වීමට නියමිතයි..

(05.09.2018 – 12:40 +0530 – lankacnews.com) ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොලඹට’ විරෝධතාවය පස්වරු 02 ට පමණ ආරම්භ වීමට නියමිතය. විරෝධතාවය ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළිදරව් කර තිබේ. • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සදහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සදහන්ය. …

බෞද්ධ විහාරස්ථානයක් නිසා මුලතිව් උණුසුම් වෙයි

(05.09.2018 – 10:07 +0530 – sinhala.adaderana.lk) මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, තන්නිමුරුප්පු, කුරුන්දුර්මලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් පවිත්‍ර කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක්, පුරාවිද්‍ය නිලධාරීන් හා සිංහල ජනතාව පිරිසක් පැමිණීමත් සමඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ඊයේ (04) සවස උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි. මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ප්‍රදේශ‍යේ පැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් …

පූජිත ජයසුන්දර වසර 152 ක පොලිස් ඉතිහාසයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා වෙයි..

(05.09.2018 – 08:40 +0530 – lankacnews.com) අධික බදු බරට, රාජ්‍ය සම්පත් විකුණා දැමීමට, ආර්ථිකය – සංස්කෘතික උරුමයන් වනසා දැමීමට, නීතියේ ආධිපත්‍යය බිඳ වැට්ටවීමට, මැතිවරණ සිතියම හැකිළීමට එරෙහිව හෙට දිනයේ කොළඹ දී ඉදිවන ඓතිහාසික ජනපවුරට බාධා නොකරන ලෙසත් එය මෙරට අනාගත දරු පරපුර වෙනුවෙන් ගොඩනැගෙන එකක් බවත් ජානිපෙ, හෘද සාක්ෂියක් සහිත පොලිස් ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන …

වාහනවලටත් එක්කම පාරට තාර දාපු හැටි

(05.09.2018 – nethnews.lk) මාර්ගයකට තාර දැමීමේදී ඒ මාර්ගයේ අනෙක් පස තිබූ වාහනවලටත් එක්කම තාර දැමූ සිද්ධියක් වාර්තා වුණා. අඟුණුකොළපැලැසේ සිට අම්බලන්තොට වැටිය මංසන්ධිය දක්වා දිවෙන මාර්ගයේ ස්ථානයකදී මෙම සිද්ධිය ඇති වී තිබෙනවා. මෙම සිද්ධියෙන් වාහන රැසකට අලාභ හානි සිදුව ඇති අතර ඇතැම් රියදුරන්ගේ ශරීරයට පවා මෙම තාර විසිවී තිබුණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධියට …

කොළඹ ආරක්ෂාව තර වෙයි

(04.09.2018 – 19:18 +0530 – sinhala.adaderana.lk) හෙට(05) දිනයේදී ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් ස්ථාන කිහිපයකින් අමතර නිලධාරීන් කුරුඳුවත්ත පොලීසිය අසලට කැඳවා ඇති අයුරු අද (04) දක්නට ලැබුණි. පසුගිය දා ඒකාබද්ධය මෙම ජනබලය කොළඹට විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සැප්තැම්බර් 5 වන දින මුළු කොළඹම අඩපණ …

හිරු සී.අයි.ඒ. : බොන වතුරට වස දැමූ ජාවාරම්කරුවන්

(04.09.2018 – 20:14 +0530 – hirunews.lk/sinhala) වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පිහිටා ඇති අභය භූමිය ආසන්නයේම භාවනායෝගී භික්ෂුන්සේ වැඩ වාසය කරන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නිමලව ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙනවා. එහි ස්වාමීන්වහන්සේ පවසන්නේ කලක පටන් මෙම භූමි ප්‍රදේශය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇති බවයි. මෙම ප්‍රදේශයට ලගා වු හිරු සී.අයි.ඒ.කණ්ඩයමට නිරීක්ෂණය කළේ …