Day archives: සැප්තැම්බර් 7th, 2018

මහරගම නගරාධිපති ‘කමෝන් සර්’ යක්ෂාවේශ වෙලා සේවකයින්ට පහරදී දණගස්වලා

(07.09.2018 – gossiplankanews.com) මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් හෙවත් ‘සර්’ සේවකයින්ට පහරදී දණගැස්වීමේ සිද්ධියක් නිසා නැවත කථාබහට ලක්ව තිබේ. නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව්දෙනකු වැඩ අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර අවන්හලකට ගොස් මත්පැන් පානය කරමින් සිට ඇති අතර සභාපතිවරයා එම ස්ථානයට පැමිණ එම කම්කරුවන්ට පහරදී ඔවුන්ව නගරසභා කාර්යාලය වෙත ගෙන …

පාසල් යනගමන් සියුමැලි දෑතේ ඔයිල් මජං ගාගෙන යකඩ හැඩ වැඩ කරන “තනුජා මෝටර්ස් තනුජා”

(07.09.2018 – nethnews.lk) සිය පියාගේ ගමන් මගට ශක්තියක් වු උසස් පෙළ හදාරණ දිරිය දියණියක් අපට පසුගියදා තන්තිරිමලේ පුජා භූමිය වැද පුදා ගැනිමට යන අතරමදි හමුවිය. අප මේ සම්බන්ධයෙන් සටහනක් එක් කරන්නට සිතුවේ කාන්තාවක් ලෙස ඇයගේ සිව්මැලි දෑතින් සිය පියාගේ ගරාජයේ කුඩා කල සිට වැඩ කරන විරල කාරණය හා ඒ සඳහා පවතින උනන්දුව නිසායි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ …

කොළඹ 2 – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

(07.09.2018 – 15:12 +0530 – hirunews.lk/sinhala) කොළඹ 2 – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා. කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනි නිවීමේ රථ 9 ක් යොදා ගින්න මැඩ පැවැත්වූ බවයි. අදාළ ගින්න ඒ අසල තිබූ තවත් කාර්යාල ගොඩනැගිල්ලකට ද ව්‍යාප්ත වෙමින් පැවති අතර එය ද ගිනි නිවීමේ සේවා නිලධාරීන් …

“ජනබලයට පැමිණි ජනතාවට වස මිශ්‍ර කිරි පැකට්‍ බෙදලා, අසනීප වූ ජනතාව රෝහලේ” රජයේ වැඩක්ලු!

(07.09.2018 – nethgossip.lk) පසුගියදා (05) කොළඹදි පැවැති ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේදී ආහාර විෂ වූ විරෝධතාකරුවන් පිරිසක් රෝහල් ගත කර තිබුනා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් මෙලෙසින් අසාමිත්කතාවයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර එහි පසුපස ඇති සිදුවීම මේවන විට හෙළිවී තිබෙනවා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම බස් රථයට නාඳුනන පුද්ගලයෙක් පැමිණ විරෝධතාකරුවන්ට බෙදා ගැනීමට යැයි කියා කිරි …

ඔක්ස්ෆර්ඩ් පොත්වලටත් දැනුම බෙදන්න අපේ මහාචාර්ය චන්න ජයසුමන මහතාව තෝරා ගනියි !

(07.09.2018 – nethgossip.lk) = “සිංහල දැනුම පද්ධතියක් දයාද කිරීමට කැපවූ විශාරදයා” ඔක්ස්ෆර්ඩ් පොත්වලටත් දැනුම බෙදන්න අපේ මහාචාර්වරයෙක් තෝරා ගනියි ! = ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් අතර ඉහළින්ම සිටිනා වියතෙක් ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රසිද්ධ ය. මේ වනවිට මහාචාර්ය චන්න ජයසුමනයන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිලිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමින් තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ …

ස්වදේශිකයාට ඉඩම්, ජලය අහිමි කර උපන් බිමේ අනාත කරයි.. ලෝක බැංකු උවමනාවට ඉඩම් බැංකු පනත, ඉඩම් පනත් සංශෝධනය කෙරේ…

(07.09.2018 – 08:40 +0530 – lankacnews.com) මානව කේන්ද්‍රීයව ඉඩම් වල අයිතිය හා ඉඩම් වල අවශ්‍යතාවය හඳුනා ගැනීමේ දී ප‍්‍රධාන වශයෙන් වැදගත් වන්නේ ජීවත්වීම හා ආහාර නිෂ්පාදනය සඳහා නෛතිකව භූමි ප‍්‍රදේශයක හිමිකම හා ඒ වටා පිහිටි පොදු ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට ඇති අයිතිය යි. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවට අනුව අභිමත …

කොළඹ ජලය අවදානමක

(06.09.2018 – 14:33 +0530 – hirunews.lk/sinhala) පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනයට, අත්‍යාවශ්‍ය කටයුතුවලට අමතරව, වාහන සේදීම, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තුව ආදී කටයුතුවලට පිරිපහදු කළ නල ජලය භාවිතා කිරීම හැකි තරම් සීමා කරන ලෙසයි එම මණ්ඩලය ඉල්ලා සිටින්නේ. …

බෙල්ලන්විල නිවසක ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරිය මියයයි – වෛද්‍ය සැමියාට සහ පුතාට අසාධ්‍යයි

බෙල්ලන්විල නිවසක ගින්නකින් වෛද්‍යවරියක් මියයයි (06.09.2018 – 16:28 +0530 – hirunews.lk/sinhala) බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්නකින් 38 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ගින්නෙන් වෛද්‍යවරයෙකු වන ඇයගේ සැමියා සහ පස්හැවිරිදි පිරිමි දරුවා ද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අද දහවල් 1 යි 25 …

ජනබලයට ලක්ෂ දෙකක් පැමිණි බව මහින්දානන්ද කියයි

(06.09.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala) තමන් ඊයේ පැවැත්වූ ජනබලය කොළඹට රැළිය සදහා ලක්ෂ දෙකක පිරිසක් එක් වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මීලඟ ජනබලය විරෝධතාව මහනුවරදී පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා. ++++++++++++++++++++++++++++++++++++++++ දෙවැනි ජනබලය මහනුවරට (06.09.2018 – 12:57 +0530 …