Day archives: සැප්තැම්බර් 10th, 2018

වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි

(10.09.2018 – 12:09 +0530 – lankadeepa.lk) ඉපැරණි බෞද්ධ වෙහෙර සංකීර්ණයක් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින හෙයින් එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමට ඉඩ නොදිය හැකි බව පුරා විද්‍යා නිලධාරීන් සඳහන් කළේය. නෙඩුන්කේනි වෙඩුක්කුනාරි ගල් තලාව පුරාවිද්‍යා භූමියක් බැවින් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහගත …

15% වැට් බද්ද විදේශිකයන්ට ආපසු දෙයි

(10.09.2018 – 14:35 +0530 – sinhala.adaderana.lk) විදේශ සංචාරකයන් මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් අඟහරුවාදා විවෘත කිරීමට නියමිත බව වාර්තා වෙයි. විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට …

නොසිතූ මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෙලවෙයි – ගිණුම් අංශයේ ලොක්කා ඇතුලේ දාපු සෙල්ලම එළියට

(10.09.2018 – 15:25 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක වංචාවක් හසුවීමෙන් පසුව එහි ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වේ. මේ වංචාවේ මහ මොළකරු බව පැවසෙන්නේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ සමයේදී ගිණුම් අංශයේ ප්‍රධානියා ලෙස සේවයට එක්කරගත් පුද්ගලයකු බව පැවසේ. ඔහු එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය …

ගෝඨාභය ඇතුළු පිරිසට විශේෂ මහාධිකරණයෙන් අධි චෝදනා – ඇප ලැබුනත්, විදෙස් ගමන් තහනම්

(10.09.2018 – 09:13 +0530 – hirunews.lk/sinhala) විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනා අධි චෝදනා බාර දීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් …

ආණ්ඩුවත්, ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් එකට අල්ලා පොළවේ ගැසීමට සූදානම්.. – ඒකාබද්ද විපක්‍ෂය කියයි..

(10.09.2018 – 11:20 +0530 – lankacnews.com) ආණ්ඩුවත් ආණ්ඩුවට කඩේ යන හීලෑ විපක්ෂයත් දෙකම එකට අල්ලා පොළවේ ගැසීමට තරම් හයියක් ඒකාබද්ධ විපක්ෂයට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය දුර්වල වී ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කළ රණතුංග මහතා දුර්වල ඒකාබද්ධයේ බලය එදාට …

දේශද්‍රෝහී ජේවීපී වල් පරයන් ගෙන් මව්බිම රැකගනිමු

ජවිපෙ පූසා අගලවත්තේ දී මල්ලෙන් එළියට (10.09.2018 – facebook.com/jayasumanachanna) මහාචාර්ය චන්න ජයසුමන මහතා 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊනියා සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (2018 සැප්තැම්බර් 09 ඉරිදා) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පැවත්වී ඇත. එහිදී දෙමළ ජාතික සන්ධානයේ MA සුමන්තිරන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න අදහස් දක්වා ඇත. …

චෝදනාවලට යුද හමුදාවෙන් පිළිතුරු

(09.09.2018 – 18:59 +0530 – sinhala.adaderana.lk) පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ඇතැමුන් විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධ කරගනිමින් විවේචනයන් සිදුකිරීම තරයේ හෙළා දකින බව යුධ හමුදා මුලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හමුදා මූලස්ථානය පෙන්වා දෙන්නේ මෑතකදී ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුධමය සූදානම පිළිබඳ සැහීමකට පත් නොවන බවට ප්‍රකාශ සිදුකර ඇති බවයි. …