Day archives: සැප්තැම්බර් 14th, 2018

ඥානසාර හිමියන් අමතක වෙලා – බොදුබල සේනාව

(14.09.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala) පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම පිළිබඳ කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවේදී කිසිදු සදහනක් නොකිරීම පිළිබදව බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. දළදා මාලිගාව ඉදිරිපිට කැපූ කාණු කිහිපයක් යළි ගොඩ කරයි (14.09.2018 – 17:30 …

වැල්ලවායේ සීග්‍රයෙන් පැතිරෙන රෝගයක් – දිනකට හැට හැත්තෑවක් රෝහල්ගත කෙරේ

(14.09.2018 – nethnews.lk) වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ කුඩා දරුවන් පාසල් දරුවන්ට සහ ඇතැම් වැඩිහිටි පිරිස් වෙත මේ දින වල වමනය, උණ සමග පාචනය රෝගයක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. මෙම තත්ත්වය ප්‍රදේශයේ පාසල් ආශ්‍රිතව වේගයෙන් පැතිර යන අතර මෙම රෝගය මාස පහක පමණ කුඩා දරුවන් ටද හටගෙන ඇති බව සදහන්. රෝගී තත්ත්වය නිසා පාසල් ලමුන් පාසල් …

දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී

(14.09.2018 – 00:09 +0530 – lankadeepa.lk) විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. දැනට විභාග වන නඩු වලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම පමණක් බවත් කිසිවකු එල්ලා මරා දමන්නේ නැතැ බවත් කී මන්ත්‍රීවරයා මෙම දේශපාලන …

හොරණ කම්හලක ඇමෝනියා ගෑස් කාන්දුවකින් 5 ක් රෝහලේ

(14.09.2018 – 10:11 +0530 – lankadeepa.lk) හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු (05) හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. එයින් දෙදෙනකුගේ (02) තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 1

(13.09.2018 – 19:31 +0530 – hirunews.lk/sinhala) නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධය කියයි ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ පිලිබදව අදහස් පලකලා. 16 කණ්ඩායමෙන් ජනපතිට අනතුරු ඇගවීමක් (13.09.2018 – 18:44 …

පදික මාරුවකදී පුද්ගලයෙකු ලොරියකට යටවෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි

(13.09.2018 – 18:39 +0530 – hirunews.lk/sinhala) වරකාපොළ නගරයේ පදික මාරුවක් මතදී පුද්ගලයෙකු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (12) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලොරියක ගැටීමෙනුයි. එම අනතුර අසල වෙළඳසැලක සවිකර තැබු කැමරාවක පටිගත වී තිබුනා. පැය 34 ක මෙහෙයුමකින් වන අලියෙකු බේරා ගනී (13.09.2018 – …