Day archives: සැප්තැම්බර් 20th, 2018

පළමු අවස්ථාවේම ආණ්ඩුව පෙරලන බව හිටපු ජනපති කියයි

(20.09.2018 – 19:01 +0530 – hirunews.lk/sinhala) වත්මන් ආණ්ඩුව පෙරලීමට ලැබෙන පළමු අවස්ථාවේදීම එය සිදුකිරීමට සූදානම් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පානදුර නිදහස් කලා සන්ධානයේ වාර්ෂික රැස්වීමට ඊයේ එක්වෙමින්.

උතුරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම ගැන ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට පැමිණිළි කරයි

(20.09.2018 – nethnews.lk) උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදු වන බව දන්වමින් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් භාරදී තිබෙනවා. ඉකුත් සතියේ කිලිනොච්චියේ සහ මුලතිවු කුරුන්දන්කුලම්හි ඇති වූ සිද්ධීන් ඊට උදාහරණ බවයි මෙම ලිපියේ දක්වා තිබෙන්නේ. පුරා වස්තු විනාශ කිරීම් සහ …

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(20.09.2018 – 10:33 +0530 – hirunews.lk/sinhala) සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි ඉල්ලා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. මහ නාහිමිවරුන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සංවිධානාත්මකව හා සූක්ෂමව ධර්ම විනයට පටහැනි ශාසන විරෝධී ක්‍රියාකාරකම් සිදුකරන ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින් ත්‍රිපිටක සූත්‍ර ධර්මවලට …

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි… කැබිනට් පත‍්‍රිකාව මෙන්න..

(20.09.2018 – 00:02 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : ‘‘යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ තමන්ගේ අවසාන වසරට පැමිණ සිටින මෙම ආණ්ඩුව මෙරට සතු දැවැන්ත සම්පත් විදේශිකයන්ට විකුණා දැමීමේ කටයුතු දිගටම සිදුකරමින් සිටිනවා. එහි තවත් එක් පාපකර්මයක් පසුගිය අගෝස්තු …

එක් අයකු මිය ගොස් දින 21 ක් ගත වෙද්දී තවත් අයෙකු මියයන ගමක් !

(19.09.2018 – nethnews.lk) දින 21 ක් ගත වෙද්දී බයෙන් ගැහෙන ගම්මු එක් අයකු මිය ගොස් දින 21 ක් ගත වෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීම් මාලාවක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වෙනවා. ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික සිද්ධීන් …