Day archives: සැප්තැම්බර් 21st, 2018

පොලිස්පති කල්මරමින් සිටි තීන්දු ක්‍රියාත්මක කරයි

(21.09.2018 – 22:18 +0530 – lankadeepa.lk) පොලිස්පති විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින ලදැයි කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළ තීන්දු තීරණ 10 න් නවයක්ම අද (21) වන විට පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. පොලිස්පතිවරයා තීන්දු ක්‍රියාත්මක නොකිරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට …

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

(21.09.2018 – 17:07 +0530 – sinhala.adaderana.lk) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (21) සිට එළඹෙන 30 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 20 වැනි වරටයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද පෙරවරුවේ ප්‍රදර්ශනය විවෘත කෙරුණි. කොළඹ බණ්ඩාරනායක …

විමල් වීරවංශට සහ ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කෙරේ..

(21.09.2018 – 12:00 +0530 – lankacnews.com) පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තුව තහනම් කිරීමට වූ යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට දෙසතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වන අතර ප‍්‍රසන්න රණවීර මහතාට මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වෙයි. මේ සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් …

සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීරයි

(21.09.2018 – 10:48 +0530 – sinhala.adaderana.lk) මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් ඉකුත් 2017 වසරේ දී අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) ස්ථීර කළේය. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල …