Day archives: සැප්තැම්බර් 25th, 2018

පොලීසියට වැලි ගසා සැකකරුවෙක් පැන යයි – CCTV දර්ශන සහිතයි

(25.09.2018 – 20:55 +0530 – sinhala.adaderana.lk) පොලිස් අත්අඩංගුවට පතුවූ පුද්ගලයෙකු පොලිස් ඇසට වැලි ගසා පැන යාමේ සිදුවීමක් ආණමඩුව පල්ලම පොලිස් වසමෙන් වාර්තා වෙයි. අද (25) පෙරවරුවේ වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරගේ විශේෂ වැටලීම් ඒකකය පල්ලම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරතව සිට ඇති අතර එහිදී බලපත්‍ර කොන්දේසි කඩකරමින් මැටි ප්‍රවාහනය කල පුද්ගලයෙකු හා ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. …

පිදුරංගල පුදබිමේදී මානසික රෝගීන් කීපදෙනෙකු අඩනිරුවතින් සිට ලබාගත් ඡායාරූප මූණුපොතේ

(25.09.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala) පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගැන, පොලිස් විමර්ශන ඇරඹේ ඵෙතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විහාරයේ දායක සභාව සීගිරිය පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අද එහි පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා. …

මංගල සමරවීර ‘ෆැෂන් ඩිසයිනර්’ කෙනෙක්.. ඔහුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ…

(25.09.2018 – 15:50 +0530 – lankacnews.com) පුවත්පතින් රටේ තොරතුරු දැනගන්නා ජනාධිපතිවරයාත් රටේ අංක එකේ විහිලුකරුවකු වී සිටින අගමැතිවරයාත් ඇතුළු වැඩ බැරි ආණ්ඩුව දිනෙන් දින රට ඇදගෙන යමින් සිටින්නේ දරුණු අගාධයකට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. වර්තමාන ආණ්ඩුවේ කිසිවකුට රට ගොඩනැගීමේ සැබෑ වුවමනාවක් නොමැති බව පැවසූ රණතුංග මහතා …

බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රයේ ගැටලුවක් නිසා කාන්තාවකට විශාල මුදලක් අහිමි වෙයි

(24.09.2018 – 23:27 +0530 – hirunews.lk/sinhala) වැලිගම රාජ්‍ය බැංකුවකට පැමිණි කාන්තාවක් රුපියල් ලක්ෂ තුනක් තැන්පත් කිරීමට උත්සාහ කරන අතරතුර මතු වූ ගැටලුවක් හේතුවෙන් මුදලින් කොටසක් පමණක් තැන්පත් වී තවත් කොටසක් යන්ත්‍රයෙන් පිටතට පැමිණ තිබෙනවා. මේ පිළිබඳව ඇය ආරක්ෂක අංශ දැනුවත් කරන අතරතුර මුදල් තැන්පත් කිරීමට පැමිණි වෙනත් පුද්ගලයෙකු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී කාන්තාව මුලින් තැන්පත් කල …

ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප් අද කරන්නේ එදා මා ලංකාවේ කල දේමයි.. රුපියල බාල්දුව ගැන කිසිවෙකු නොදත් කතාව මහින්ද කියයි..

(25.09.2018 – 14:10 +0530 – lankacnews.com) රුපියල අවප‍්‍රමාණය වීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට භයානක නාය යෑමක් දක්වා වර්ධනය වී …

උඹට බැරි නං මේක මට දීපං; මං කරල පෙන්වන්නම්.. – මර්වින් ජනාධිපතිට කියයි..

(25.09.2018 – 11:20 +0530 – lankacnews.com) ‘ජනාධිපතිවරයා මරනවා’ යැයි කියූ කුමන්ත්‍රණයට මේ සිටිනා ජනාධිපතිට ක්‍රියාත්මක විය නොහැකි නම් පුළුවන්ද රට දියුණු කරන්න යයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා ප්‍රශ්න කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට හෙළි වී ඇති තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය. ‘‘මේ මිනිහට පුළුවන්ද …