Day archives: සැප්තැම්බර් 28th, 2018

රුපියල් ලක්ෂ පහකට අධිකමූල්‍ය වංචාවක් කළැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරිනිය රිමාන්ඩ්

(28.09.2018 – 16:07 +0530 – lankadeepa.lk) පනස් එක් වතාවක් පරිගණක දත්ත වෙනස් කර ආදායම් බලපත් වලින් රුපියල් ලක්ෂ පහකට (5,000,000) අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. මෙලෙස …

වෙඩි වැදී මඩේ එරුණු අලි පැටවකුගේ දිවි බේරන්න වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක

(28.09.2018 – nethnews.lk) කන්තලේ සිට ඇල්ල ප්‍රධාන මාර්ගයේ සූරියපුර ප්‍රදේශයේ ජනරංජන වැවේ වැව් පිටියේ දින 03 ක් පමණ මඩේ එරී සිටි වයස අවුරුදු 05 ක පමණ වූ අලි පැටවෙකු එම මඩ වලෙන් බේරාගැනීම සඳහා පැය 24 ක පමණ කාලයක් නොනවත්වා කන්තලේ වනජීවී අඩවි කාර්යාලීය නිලධාරීන් හා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලීය නිලධාරීන් ක්‍රියාත්මක වී බේරාගෙන ප්‍රතිකාර …

මගීන් පුරවාගෙන මහගල්කඩවල ප්‍රදේශයේදී නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

(27.09.2018 – 09:12 +0530 – hirunews.lk/sinhala) පසුගිය දිනක ධාවනය වෙමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක් කල අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අපට හෙළි වූයේ අදාළ සිසුවා කාර්මික සිසුවෙකු බවයි. මෙම දුම්රිය සැප්තැම්බර් 19 දින යාපනය සිට කොළඹ කොටුව බලා ගමන්ගත් …

5000 හොර නෝට්ටු 469 ක් අල්ලයි

(28.09.2018 – 12:17 +0530 – sinhala.adaderana.lk) ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 469 ක් සමඟින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරීමෙන් පසු අදාළ මුදල් නෝට්ටු තොගය සොයාගත් බව පොලීසිය පැවසීය. සැකකරුවන් මාතර, හිනිදුම සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අද (28) කන්තලේ මහේස්ත්‍රාත් …

අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ගාලු පාරේ තැන් කීපයකින් මුහුද ගොඩට එයි

(28.09.2018 – 11:23 +0530 – sinhala.adaderana.lk) අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකින් මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන අයුරු දක්නට ලැබේ. වෙරළ ආරක්ෂාවට ඉදිකර ඇති ගල්වැටි ගිලා බැසීම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ස්ථාන කිහිපයකින් මුහුදු රළ පහර මාර්ගය දක්වා …

සැබෑ නිදහස අරන් දුන්නේ කවුද කියල සිතිය යුතුයි – ගෝඨාභය රාජපක්ෂ

(28.09.2018 – 09:33 +0530 – sinhala.adaderana.lk) යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. පිළියන්දල ,මඩපාත, බටකැත්තර ශ්‍රි සුමනාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු 38 රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරිම ඊයේ (27) පස්වරුවේ සිදුකෙරුණේ …