Day archives: ඔක්තෝබර් 1st, 2018

මධ්‍යම කඳුකරයට තද වැසි

(01.10.2018 – 17:44 +0530 – hirunews.lk/sinhala) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (01) රාත්‍රී කාලයේත් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ත්, 150 ත් අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් පහත් බිම් සහ මාර්ග කිහිපයක් …

කොස්ගොඩ වෙඩි වරුසාවක්.. කපයි කොටයි.. දෙන්නෙක් මරා දමයි.. බෙල්ල කපාගෙන ගොස් හන්දියේ තබයි..

(01.10.2018 – 13:20 +0530 – lankacnews.com) ඌරගස්මන්හන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රී පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා, කපා කොටා ඝාතනය කර තිබේ. රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර කාලය තුලදී මෙම ඝාතනයන් සිදුකර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ ඉහළ මාලවල, රන්තොටුවිල ලිපිනයේ පදිංචි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම …

උතුරේ LTTE මහවිරු සමරුවට සැරසේ.. TNA මන්ත‍්‍රීන්ද යති..

(01.10.2018 – 10:40 +0530 – lankacnews.com) යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි. මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව …

ආර්ථිකයට වූ මහා අපරාධය ගෝටා කියයි.. ගොඩ දමන සැලැස්මත් හෙලි කරයි.. මල් මාලා දමා පිලිගන්නේ විමල්..

(01.10.2018 – 10:00 +0530 – lankacnews.com) කඩුවෙලදී ඊයේ පැවති ‘එළිය’ සම්මන්ත‍්‍ර‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය : ‘‘මේ රටේ තිබෙන ආරක්‍ෂාව, නීතිය, ආර්ථිකය ඇතුළු සියලූ අංශ කඩාවැටිලා. වත්මන් රජය බලයට පත්වෙලා වසර හතරකට ආසන්න කාලයක් ගත වෙලා. හිටපු රජය 2005 දී මේ රට භාර ගත්තායින් පසුව වසර 4 කින් …

රංගන සහ ගායන ශිල්පී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වෙයි

රංගන සහ ගායන ශිල්පී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වෙයි

(01.10.2018 – 08:10 +0530 – hirunews.lk/sinhala) ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි. මියයනවිට ඔහු 65 වන වියේ පසුවුණා. ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් …

සම්මාන වෙනුවෙන් මවුබිමට අපහාස කළ NGO හඳගමයාට දෙමළ රංගන ශිල්පිණිය රිදෙන්න කියූ කතාව!

(29.09.2018 – nethgossip.lk) “සම්මාන ගන්න යුද්ධය විකුණනවා” මවුබිම වෙනුවෙන් අපේ සුන්දර දෙමළ රංගන ශිල්පිණියක් පෙරට – සම්මාන වෙනුවෙන් මවුබිමට අපහාස කළ රැඩිකල් හඳගමට රිදෙන්න කියූ කතාව ! ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ රසික ජනයා මහත් ආදරයෙන් වැළදගත් ජනප්‍රියම ද්‍රවිඩ රංගන ශිල්පිණිය නිරංජනි ශන්මුගරාජා ය. නිරංජනි පසුගියදා ශ්‍රී ලංකාවේ සිනමාව පිළිබදව සිදු කළ ප්‍රකාශයක් කතාබහට …