Day archives: ඔක්තෝබර් 2nd, 2018

ඇමරිකාවේ එහෙමයි ලංකාවේ මෙහෙමයි – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

(30.09.2018 – divaina.com) ඇමරිකාව තමාගේ රට වෙනුවෙන් ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් වදින තම හමුදාවන් යුද අපරාධ චෝදනාවලට හසු වුවද ඔවුන් ව ආරක්‍ෂා කර ගැනීම සඳහා එරට පාලකයෝ කි‍්‍රයාකරන ආකාරය අප මීට ප‍්‍රථම මෙම පුවත්පත මගින්ම පෙන්වාදී ඇත්තෙමු. ඇමරිකාවේ නීතියට අනුව සම්මතව ඇති, ‘හේග් ආක‍්‍රමණ’ පනත යනුවෙන්ද හඳුන්වන, එම නීතියට අනුව යම් ඇමරිකානු භටයෙක්ව වෙනත් රටකදී අත්අඩංගුවට …

රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි මහතා හදිසි අනතුරකින් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට

(02.10.2018 – webgossip.lk) කලාකරුවන්ට මොකද මේ වෙන්නේ? තවත් රංගන ශිල්පියෙක් හදිසි අනතුරකින් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට හයිලෙවල් මාර්ගයේ හෝමාගම පිටිපන ප්‍ර දේශයේ එකම දිශාවට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) දහවල් සිදුවූ අනතුරකින් වේදිකා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ, රංගන ශිල්පී එස්. අයි. සමරක්කොඩි මහතා මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර …

යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් තැන්පත් කිරීමට ඉඩනොදීම : සිසුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(02.10.2018 – 16:05 +0530 – sinhala.adaderana.lk) යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් තමන්ට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට එහි පාලනාධිකාරිය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් …

අමානුෂීය පහරදීමකින් අවසන් වු රාත්‍රී භෝජනය (CCTV)

(02.10.2018 – 17:03 +0530 – sinhala.adaderana.lk) මීගමුව, මහවීදිය ප්‍රදේශයේ අවන්හලක ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට එම ප්‍රදේශයේ මත් කුඩු සඳහා ඇබ්බැහි වු පුද්ගලයින් පිරිසක් විසින් පහරදී තුවාල සිදු කර තිබේ. පසුගිය 30 වන දා රාත්‍රීයේ මෙම පුද්ගලයා ආහාර ගනිමින් සිටින අවස්ථාවේ මෙම පහර දීමට ලක්වී ඇති බව අප වාර්තාකරු පවසයි. කෙසේ වෙතත් ඉතා අමානුෂීය ලෙස පහර …

වාහන, විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතුවත් ආනයනය අඩු වෙන්නේ 4.4% ක් පමණයි.. කල යුත්තේ එකම දෙයයි.. වෙන විසදුම් නෑ..

(02.10.2018 – 15:00 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : ආණ්ඩුව විසින් වාහන ආනයනය සහ ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ග අරගත්තා. නමුත් මේ ආණ්ඩුව තමන්ගේම මහ බැංකු වාර්තාව පෙරළා බැලුවනම් තේරුම් ගනීවි මෙයින් කිසිදු ඵලදායි දෙයක් සිදු …

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමැතිවරයෙකුගේ පුද්ගලික ගිණුමක් අත්හිටුවයි..! රු.ලක්ෂ 1500 ක් ආවේ කොහෙන්දැයි කියන්න ඇමැති අසමත්වෙලා..!!

(02.10.2018 – News e Lanka) ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැතිවරයෙකුට අයත් පුද්ගලික බැංකු ගිණුමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීමේ නියෝග මත අත් හිටුවා පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඊට හේතු වූ ආසන්න හේතුව වී ඇත්තේ පසුගියදා ඒ ඇමැතිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 1500 ක් බැර වී තිබීමයි. බැර කිරීම කර ඇත්තේ විදෙස් ගත මුස්ලිම් ජාතිකයෙකු විසිනි. මේ …

පෑලියගොඩදී ත්‍රි රෝද රථයක් පැහැරගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි

(01.10.2018 – 16:56 +0530 – hirunews.lk/sinhala) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නවතා තිබු ත්‍රි රෝද රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ (30) පැහැර ගත් ත්‍රි රෝද රථය සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ යකඩ බඩු විකුණ ස්ථානයකට විකුණා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට …