Day archives: ඔක්තෝබර් 6th, 2018

වැස්ස නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

(06.10.2018 – 20:37 +0530 – sinhala.adaderana.lk) අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම-මන්නාරම මාර්ගය එලුවම්කුලම ප්‍රදේශයෙන් අවහිරවීම ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ හේතුවෙන් පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර පවතින …

ලක්ෂ 3 ට ආසන්න ව්‍යාජ නොට්ටු පොලීසියට

(06.10.2018 – 17:17 +0530 – sinhala.adaderana.lk) ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවකු (06) දහවල් කොටවෙහෙර මොන්නැකුලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ රාජංගනය යාය 02 පදිංචි 28 හැවිරිදි අයෙකු බව සඳහන් වේ. එම ව්‍යාජ මුදල් තොගයේ රුපියල් 5000, 1000, 500, වටිනාකමින් නොට්ටු කොළ තිබු බවද වාර්තාවේ. …

චීන ණය උගුලට ශ්‍රී ලංකාව ගොදුරු වෙලා – ඇමරිකානු උප ජනපතිගෙන් අනතුරු ඇගවීමක්

(06.10.2018 – 13:05 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලට ගොදුරු වූ රටක් ලෙස ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ චීනය සිය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් උදෙසා ණය යොදා ගන්නා බවට චෝදනා කරමින්. දකුණු චීන මුහුදේ සිය ආධිපත්‍යය පැතිරවීමට චීනය ගෙන ඇති පියවර පිළිබද දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළ ඔහු හම්බන්තොට …

සිංහලයන්ගේ ඇත්ත ඉතිහාසය ලොවට කියූ මහාචාර්ය රාජ් සෝමදේවයන් නිහඬ කරයි!

සිංහලයන්ගේ ඇත්ත ඉතිහාසය ලොවට කියූ මහාචාර්ය රාජ් සෝමදේවයන් නිහඬ කරයි!

(06.10.2018 – nethgossip.lk) සිංහලයන්ගේ ඉතිහාසය සැඟවීමට උත්සාහයක්? – සිංහලයන්ගේ ඇත්ත ඉතිහාසය ලොවට කියූ මහාචාර්ය රාජ් සෝමදේවයන් නිහඬ කරයි! ඉතිහාසයේ ලියැවී ඇති පරිදි සිංහලයන් පැවත එන්නේ විජය නම් ඉන්දියානු ආක්‍රමණිකයාගෙනි. කෙසේ වෙතත් සිංහලයන්ගේ සැබෑ ඉතිහාසයට අනුව සිංහලයන් යනු වසර 2500 කටත් වඩා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේම ශිෂ්ඨාචාරගත වූ දියුණු ජාතියක් බවට සාධක සහිතවම පසුගිය දිනවල …

සමාගම්වලට බදු සහන දී කැබිනට් ඇමැති කෝටි ගාණක් ගහලා

(07.10.2018 – mawbima.lk) මහා පරිමාණයේ ව්‍යාපාරික සමාගම්වලට බදු සහන ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ගත් කැබිනට් ඇමැතිවරයකු පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය. බදු සහන දී සමාගම්වලින් මුදල් ලබාගත් මේ ඇමැතිවරයා ගැන තමා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද වීරවංශ …

මෙච්චර සම්පත් තියෙන මේ රට හදන්න බැරිනම් ඌ මෝඩයෙක් – වියත් ව්‍යවසායකයෙක්

“මඤ්ඤොක්කා කෝට්ටක් ගැහුවාම අල බහිනවා, මෙච්චර සම්පත් තියෙන මේ රට හදන්න බැරිනම් ඌ මෝඩයෙක්,” වියත් ව්‍යවසායකයෙක් කියන අපූරු කතාවක්! (05.10.2018 – nethgossip.lk) ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවලට නොමැති සම්පත් සහ වටිනාකම් වලින් යුත් රටකි. කෙසේ වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවලට වඩා ආර්ථිකයෙන් සහ සංවර්ධනයෙන් පසුපසිනි. එයට බලපෑ ඇත්තේ දුර්වල පරිපාලන තීරණ සහ තීන්දු …