Day archives: ඔක්තෝබර් 10th, 2018

නව ආණ්ඩුවක් අවශ්‍යයි – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්

(10.10.2018 – 19:42 +0530 – sinhala.adaderana.lk) නව ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ අවශ්‍යතාව මතුව ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඒකීය රාජ්‍ය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් යෝජනා යන මැයෙන් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ (09) සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින්. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වයක් තිබියදිත් සංඝරත්නයට දැඩි බලපෑම් …

හිරුණිකාගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතුවලට මගනැගුම ගිණුමකින් රු. කෝටි දෙකක්

(10.10.2018 – 16:51 +0530 – hirunews.lk/sinhala) හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු හා වෙනත් කටයුතු සඳහා මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමකින් මුදල් යොදවා සිදුකළ මූල්‍ය වංචාවක් පිළිබඳ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළා. අධිකරණයට දැක්වූ කරුණු අනුව සිදුව ඇති බව කියන මුදල් වංචාව රුපියල් කෝටි 2 කට ආසන්නයි. පොලිස් මූල්‍ය …

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති

(10.10.2018 – mawbima.lk) වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව එම ආයතනයේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ‘මව්බිම’ට ඊයේ (09දා) පැවැසූහ. සෙමා ආයතනය විසින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ සටහන් රැසක් දියත් කළ බවත් ඒවා අතිශයින්ම සාර්ථක වූ බවත් රතන …

කොටි රැදවියන් නිදහස් කරනු.. අනුරාධපුර බන්ධනාගාරය වටලන්න යාපන සරසවි සිසුන් එයි..

(10.10.2018 – 08:40 +0530 – lankacnews.com) යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණාඩායමක් (09) උදෑසන සිරගතව සිටින සියලු දේශපාල සිරකරුවන් නිදහස් කරන ලෙසට රජයට බලකරමින් විරෝධතා පා ගමනක් යාපනය විශ්ව විද්‍යාලයේ සිට අනුරාධපුරය දක්වා ආරම්භ කරනු ලැබීය. යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට ඇති අතර යාපනය විශ්වවිද්‍යාල දොරටුවෙන් ආරම්භ වූ පාගමන යාපනය …

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රු. එක්කෝටි 63 ලක්ෂයක්

(10.10.2018 – 13:01 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂයක් වැය කරමින් එයාෆ්‍රෙෂ්නර් සවි කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකර ඇති කරුණු පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි. බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා …

රජරට වෛද්‍ය පීඨයේ පීඨාධිපති – අංශ ප්‍රධානීන් තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

(09.10.2018 – 21:06 +0530 – lankadeepa.lk) රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ දෙපාර්තමේන්තු දහහතරක (14) අංශ ප්‍රධානීන් අද (09) ඔවුන් දැරු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත. වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට ලබා දුන් “රඳවා ගැනීමේ දීමනාව” කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව නවතා දැමීම නිසා ආචාර්යවරු මේ තීරණයට එළැඹ තිබේ. අනුරාධපුරය වැනි දුෂ්කර පළාතකට වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ …

ඔන්න බබෝ ඇතින්නියා – වැටට උඩින් පනින්නියා

(09.10.2018 – 18:41 +0530 – sinhala.adaderana.lk) අපූරු වැට පැනිල්ල අලීන් පිළිබද විවිධ කථා මේ දිනවල නිරන්තරයෙන් අපට අහන්න දකින්න ලැබීම විශේෂත්වයක් නොවෙයි. එවැනි අපූරු සිදුවීමක් අද දෙරණ කැමරා කාචයේ සනිටුහන්ව විය. ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ ආරක්ෂක වැට තරණය කරමින් ගමන් කරන වනඅලියෙකුගේ විඩියෝ දර්ශන පෙළකි. මිනිසුන් ඔවුන්ගේ මඟ හරස් කර විවිධ දෑ ඉදි …

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ

(07.10.2018 – colombotoday.com) කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (07) පෙරවරුවේ කෝවිලේ …

හෙටත් (10) දිස්ත්‍රික්ක 13 කට තද වැසි

(09.10.2018 – 19:30 +0530 – sinhala.adaderana.lk) හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක 13 කට තවදුරටත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හතරේ ප්‍රදේශ කිහිපයකටම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් එක් පුද්ගලයෙකු අතුරුදන්ව …

තරුණයෙකු පැහැරගත් හිරුනිකා වරද පිළිගනි

(09.10.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala) තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස්, පහරදී, සාපරාධී ලෙස බිය ගැන්වීම ඇතුළු චෝදනා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී. කෙසේ වෙතත් නඩුවේ සෙසු සැකකරුවන් සිය චෝදනා පිළිගන්නා අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ තමන්ට එරෙහිව ඇති …