Day archives: ඔක්තෝබර් 12th, 2018

ඉදිරි මාස 06 තුල රජයේ හෝටල් දෙකක් විකිනීමට සුදානම්

(12.10.2018 – nethnews.lk) සිය මුල්‍ය ශක්තිය වර්ධනයකර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා රජය සතු හෝටල් දෙකක් ඉදිරි මාස 06 ක කාලය තුලදී විකිණීමට බලාපොරොත්තුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සදහන් කරනවා. මෙම හෝටල් දෙක විකිණීම තුලින් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගත හැකි බවයි රාජ්‍ය …

ප්‍රථම වරට මූලික රෝහලක් තුළ ආතරයිටීස් රෝගියෙක් සඳහා කෘතීම දණහිස් බද්ධයක්

(12.10.2018 – 18:58 +0530 – sinhala.adaderana.lk) ප්‍රථම වරට මූලික රෝහලක් තුළ ආතරයිටීස් රෝගියෙක් සඳහා කෘතීම දණහිස් බද්ධයක් සිදුකළ පුවතක් මහනුවර තෙල්දෙණියෙන් වාර්තා වුණි. තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළේ මෙම ශල්‍ය කර්මය සාර්ථකව අවසන් කළ බවයි. කලක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි වයස අවුරුදු 64 ක්වන කාන්තාවකගේ දණහිසක් සඳහා කෘතීම දණහිසක් බද්ධ කිරීමේ ශල්‍ය …

පරිගණකයට ඇබ්බැහිවීම ජාතික ගැටලුවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(12.10.2018 – 15:44 +0530 – hirunews.lk/sinhala) අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ අසීමිත ලෙස පරිගණක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම ජාතික ගැටලුවක් බවට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද නම් කර …

ලුණුගම්වෙහෙර බස් අනතුරෙන් 70 කට අධික පිරිසකට තුවාල

(12.10.2018 – 16:25 +0530 – hirunews.lk/sinhala) තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. ලුණුගම්වෙහෙර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තුවාල ලැබූවන් දෙබරවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර රෝහල් වෙත ඇතුළත් කළ බවයි. කෙසේ වෙතත්, ඉන් පුද්ගලයින් 30 දෙනෙකු මේ වන …

මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා.. – සරත් විජේසූරිය

(12.10.2018 – 10:40 +0530 – lankacnews.com) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට අකෘතඥම දේශපාලඥයා බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. ජනාධිපතිවරයා අද ඉතාම අවිචාරවත් ලෙස තමන්ම නායකයා වන තම ආණ්ඩුවට පහර දෙමින් සිටින බවත් රාජපක්‍ෂවරුන් සූක්‍ෂමව අටවා ඇති උගුලේ ඔහු වැටී ඇති බවත් මහාචාර්යවරයා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා …

විස්සට තුනෙන් දෙකක් ලබාගැනීමට අපහසු බව ඒකාබද්ධය කියයි

(11.10.2018 – 19:19 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට ඉඩ නොතබන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා මහතා ද අදහස් පළ කළා. ++++++++++++++++++++++++ …

හිරු සී.අයි.ඒ. : මැද පෙරදිග සේවය කළ කාන්තාවන් රවටා මුදල් ගැරූ ජාවාරම

(11.10.2018 – 20:04 +0530 – hirunews.lk/sinhala) මැද පෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස සේවය කර නැවත මෙරටට පැමිණි කාන්තාවන්ට රජයෙන් වන්දියක් ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වනවා. අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි. කුවේට්, සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල සේවය කර යළි මෙරටට පැමිණ සිටින අනුරාධපුර, පොලොන්නරුව ආදී ගම්බද ප්‍රදේශවල …