Day archives: ඔක්තෝබර් 13th, 2018

කොස්ගොඩ රිය අනතුරකින් තරුණයෙක් මරුට (CCTV)

(13.10.2018 – 18:16 +0530 – hirunews.lk/sinhala) කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබෙනවා. කුඩා ලොරි රථයක් ටිපර් රථයක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් බරපතල තුවාල ලැබු 15 හැවිරිදි සිසුවිය සහ 21 හැවිරිදි තරුණයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට …

ළිං පතුලේ සිරවී සිටි අලියා ගොඩගත් මෙහෙයුම

(13.10.2018 – 10:09 +0530 – hirunews.lk/sinhala) පැය එකහමාරක පමණ මෙහෙයුමකින් අනතුරුව කුඩා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. මෙම සත්වයා අද (13) අලුයම් කාලයේ ළිඳට වැටී ඇති අතර සත්වයාගේ කෑගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ කළ සෝදිසි කිරීමකදී අවුරුදු 08 ක් පමණ වන මෙම වන අලියා සොයා ගැනීමට හැකිව ඇති …

මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිට තිබූ, සුපිරි රථය නිදහස්

(12.10.2018 – 18:42 +0530 – hirunews.lk/sinhala) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා භාවිත කර වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන ෆෝර්ඞ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය අද මුදාහැරියා. 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වැනිදා කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබී මෙම මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරයට ගනු ලැබුවේ යෝෂිත …

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් තහනම් කෙරේ.. භාණ්ඩ මිල අති සීඝ‍්‍රයෙන් ඉහලට.. සම්පූර්ණ ලයිස්තුව මෙන්න..

(12.10.2018 – 22:43 +0530 – lankacnews.com) ඩොලර් සංචිත රැක ගැනීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමටට ඩොලර් නිකුත් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මෙම නීතිය බලපාන ආකාරය දැක්වෙන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා බලයලත් මුල්‍ය ආයතන වෙත දැනුම් දී …