Day archives: ඔක්තෝබර් 14th, 2018

‘වලසුන් තිදෙනෙකු සමඟ පොරබදා සියදිවි හානිකරගත්’ බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය ඝාතනයක්

(14.10.2018 – 16:20 +0530 – hirunews.lk/sinhala) අම්පාර, ඉඟිණියාගල, මුල්ලේගම ප්‍රදේශයේ පසුගිය 08 වනදා වලසුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව වෙඩි තබාගෙන මිය ගිය බව කියන සිවිල් ආරක්ෂක භටයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබෙනවා. සිවිල් ආරක්ෂක භටයාගේ සිරුර සම්බන්ධයෙන් අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති …

40,000 පචයේ උපත; රනිල්ගේ අනාවැකිය – මහාචාර්ය චන්න ජයසුමන

(14.10.2018 – FB > Channa Jayasumana) (එළිය වැඩසටහන : හෝමාගම 13.10.2018) 2008 ජනවාරි 11 දින නැගෙනහිර කොටි පරාජය කර තිබියදී උතුරේ සටන ඇරඹීමට පෙර ඇමරිකානු, යුරෝපීය සංගම්, ජපාන සහ නොර්වේ තානාපතිවරු හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා, උතුරේ සටන නිසා සිවිල්වැසියන් 40,000 මිය යා හැකි බවට අනාවැකියක් පළ කර ඇත. ඒ බව ඇමරිකානු තානාපති කාර්යාලය 2008 ජනවාරි …

පාඨලීගේ චන්ඩි පාට් සඳහා මුහුණ දෙන්න සූදානම් – පාලිත රංගේ බණ්ඩාර

(13.10.2018 – 22:10 +0530 – ada.lk) කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත්, ජනතා මතයට පිටුපාමින් ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කිරීමට මේ ආණ්ඩුවේ කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. වනාතවිල්ලුව, අරුවක්කාඩු ප‍්‍රදේශයට …

සුජීව අපෙන් කොමිස් ඉල්ලුවා – සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්

(13.10.2018 – 20:56 +0530 – sinhala.adaderana.lk) අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අවසර දීම සඳහා තම සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව අද (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ නියෝජිතයින් පවසයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම සමාගමේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය …

යාපනයේ කොටි කඳවුරුවල දහ දුක් විඳපු තෙබුවන සාජන් මහත්තයාගේ කතාව

යාපනයේ කොටි කඳවුරුවල දහ දුක් විඳපු තෙබුවන සාජන් මහත්තයාගේ කතාව

(13.10.2018 – gossip.hirufm.lk) • එක වළක 23 ක් හිටියා • අනපු කෑම පහළට එව්වේ බාල්දියකින් ඔහු නමින් සනත් ගුණවර්ධන. සතියේ කතාබහ බරසාර කළ තෙබුවන පොලිසියේ පොලිස් නිලධාරියාය. ඉන් මත්තට සනත් තිදරු පියෙකි. යුතුකම් දන්නා ස්වාමිපුරුෂයෙකි. සමාජයට සැබෑ සහෝදරයෙකි. නඩු නිමිත්ත උසාවියේ එළිපත්ත පැන ඇති නිසා එය තහනම් වචනය බවට පත්කරගෙන අප සනත්ට සවන් දෙමු. ඔහුගේ …