Day archives: ඔක්තෝබර් 15th, 2018

කාගේත් වුවමනාව මා යන එක නම් සමුගැනීම හොඳයි – පොලිස්පති පූජිත් ජයසුන්දර

(15.10.2018 – 10:31 +0530 – lankadeepa.lk) “කාගේත් වුවමනාව මම යන එක නම් සමුගන්න එක හොඳ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට ඊයේ (14) පැවැසීය. පොලිස්පතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඕන බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේද පැවසීය : ‘‘දැන් ඉතින් හිටියා ඇති කියලා හිතෙනවා. …

ඩයස්පෝරාවේ සල්ලි බෙදන ‘ආවා’ නායකයකු අල්ලයි

(15.10.2018 – 09:25 +0530 – lankadeepa.lk) විදේශ රටවල සිටින ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ලැබෙන මුදල් ආවා කල්ලි සාමාජිකයන් අතර බෙදාහැරීමේ යෙදී සිටි එම කල්ලියේ නායකයකු චුන්නාකම්, උඩුවිල් ප්‍රදේශයේදී යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදැයි චුන්නාකම් පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවලිංගම් ශිවකුමාර් (29) හෙවත් ශිවා නමැත්තෙකි. සැකකරු කඩුවක් රැගෙන …

ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති…

(15.10.2018 – 08:40 +0530 – lankacnews.com) නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් – බගවන්තලාව, හැටන් – මස්කෙලිය සහ හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුලට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති. මිට දින …

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංස්ථාවට ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(14.10.2018 – 19:35 +0530 – lankadeepa.lk) ත්‍රීකුණාමල , චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 99 සහ අක්කර 700 ක ඉඩම ඉන්දීය තෙල් සමාගමට පවරා දුන් ලියවිල්ල නීතියානුකූල නොවන බවට ප්‍රකාශ කර යළි එම ටැංකි සංස්ථාවට පවරා දෙන ලෙස ඉල්ලමින් සමිති හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ රාජකරුණා …

අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට

(14.10.2018 – 15:46 +0530 – lankadeepa.lk) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනවා තිබෙන මිල කප්පාදු කිරීම් නිසා අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට නියමිත බව වාර්තාවේ. දැනටමත් එවැනි ඖෂධ වර්ග කිහිපයක්ම දිවයිනෙන් ඉවත් කරගෙන තිබෙන බවත් දැනගන්නට ලැබේ. අත්විය හැකි අනිසි ප්‍රතිඵලයන්ට බියෙන් මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මාධ්‍ය හා අදහස් දැක්වීමට මහත් භීතියක් දක්වයි. …