Day archives: ඔක්තෝබර් 16th, 2018

ලංකාව බැබලවූ පාරමී මාරිස්ටෙලාට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත හිත

(16.10.2018 – 14:50 +0530 – hirunews.lk/sinhala) ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා මෙනවිය ඊයේ (15) සමත් වුණා. 2007 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් පසුව මලල ක්‍රීඩාවෙන් මෙරට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය …

වෙළඳ පොළේ අලෙවි කෙරෙන ගොටුකොළ සහ මුකුණුවැන්න ගැන හෙළිදරව්වක්

(16.10.2018 – 20:23 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොලේ අලෙවිකරන මුකුණුවැන්න හා ගොටුකොළ වල අධික ප්‍රමාණ වලින් කෘෂි රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. පළා කොළ ජලයෙන් සේදුව ද එම කෘෂි රසායන ඉවත් නොවන බව අදාල පර්යේෂණයේදී හෙළි කරගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල වානිජමය වශයෙන් වගා කෙරෙන මුකුණුවැන්න …

ක‍්‍රිකට් සල්ලි පිටරට හංගපු හැටි හෙළි වෙයි – හොංකොං සහ මෙක්සිකෝ බැංකු සමග ගනුදෙනු කළ නිලධාරීන්ටත් තීන්දුවක්

(16.10.2018 – divaina.com) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පසුගිය කාලයේදී අන්තර්ජාතික ගිණුම් හරහා මුදල් හුවමාරු කරගත් ආකාරය සදහන් වන වාර්තා රැසක් ශ‍්‍රී ලංකා පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට ලැබී ඇති අතර එහි පරීක්ෂණ වාර්තාව කඩිනමින් අවසන් කිරීමට නියමිතව ඇතැයි ‘දිවයින’ ට වාර්තා වේ. මෙම පරීක්ෂණ සදහා අදාළ විදෙස් බැංකු සමග සාකච්ඡා කර තිබේ. මේ දිනවල …

ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට සැලසුම්…

(16.10.2018 – 17:30 +0530 – lankacnews.com) ජනාධිපතිවරණය නොපැවැත්වීම සදහා උත්සාහයක රජය නිරත වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාව මහජනතාව වෙතින් ඉවත් කර පාර්ලිමේන්තුවට පවරා ඇති බවයි. ස්වාදින මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිදු …

අද වුණත් රට අමුතු ජවයකින් ඉදිරියට ගිහිල්ලා නෑ කියලා අපේ හෘද සාක්ෂිය දන්නවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

(13.10.2018 – lankadeepa.lk) ර​ටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග කළ සාකච්ඡාවකි : තිරසර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා • ප්‍රශ්නය:- මේ මොහොතේ මොකක්ද මේ රටේ වෙන්නේ? පිළිතුර:- මේ මොහොතේ ඉතින් අපේ ආණ්ඩුවක් තියෙනවා. අපි ආණ්ඩුව කරගෙන යනවා. …

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

(16.10.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය. ප්‍රවීන ගායන ශිල්පි …

‘ආවා’ කල්ලිය සමග එන මීළග ප්‍රභාකරන් …

(16.10.2018 – 03:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මෙම අදහස් පල කලේය : මම අද මතු කරන්නේ නියපොත්තෙන් කඩන්නට තිබුණු දෙයක්. එය එසේ නොකිරීම නිසා පොරවෙන් කැපිය යුතු මහ ගසක් වෙමින් පවතින බව අපි මතක් කරන්න කැමතියි. වසර තිහක් මළමිනී වලින් වන්දි …

විජයකලාගේ ප්‍රකාශය ට විරුද්ධව ඉහළ අධිකරණයට යනවා – පිවිතුරු හෙළ උරුමය

(15.10.2018 – 16:34 +0530 – lankadeepa.lk) විජයකලා මහේෂ්වරන්ගේ සාපරාධී ප‍්‍රකාශය සහ එල්.ටී.ටි ය යළි ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රයත්නයට විරුද්ධව ඉහළ අධිකරණය හමුවේ නෛතික ක‍්‍රියාමාර්ගයන් ගැනීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. ඇප ගැනීමේ කලාව අලුත් කලාවක් කළ විජයකලාගේ සිද්ධිය ලංකාවේ බලපැවැත්වෙන සියලුම නෛතික සිද්ධාන්ත උඩු යටිකුරු කළ බව …