Day archives: ඔක්තෝබර් 17th, 2018

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපතිතුමා විසින් විසිරුවා හැරේ

බැංකු දෙකක-ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ (17.10.2018 – 08:38 +0530 – lankadeepa.lk) අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්ම වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හරිනු ලබන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි. එම ආයතනවල සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින්මින් මෙම …

තැන්පත්කරුවන්, මුදල් ඉල්ලා ETI අධ්‍යක්‍ෂවරුන්ගේ නිවෙස් වටලයි

(17.10.2018 – 19:06 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය ඔවුන් තැන්පත් කළ මුදල් ඉල්ලා අද ඊ.ටී.අයි. මූල්‍ය මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරුන් වන දීපා එදිරිසිංහගේ සහ අසංක එදිරිසිංහගේ නිවෙස්වලට පැමිණියා. කොළඹ – මහජන පුස්තකාලයේ පැවති සම්මේලනයකින් අනතුරුව තැන්පත්කරුවන් පා ගමනින් කොළඹ – බාන්ස් පෙදෙසේ පිහිටි එම නිවෙස් වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. නමුත් තැන්පත්කරුවන් පැමිණෙන …

අක්ෂි රෝහලේ ඇඳ මකුණන් නිසා රෝගීන් වෙනත් වාට්ටුවලට

(17.10.2018 – 12:32 +0530 – lankadeepa.lk) ජාතික අක්ෂි රෝහලේ වාට්ටු කිහිපයකට ඇඳ මකුණන් බෝවීම හේතුවෙන් ඒවායේ සිටි නේවාසික රෝගීන් වෙනත් වාට්ටු වලට මාරු කර යවා තිබේ. ඇඳ මකුණන් බෝවීම වැළැක්වීමේ පියවරක් ලෙස රෝගීන්ට නිවෙස්වලින් කොට්ට, ඇඳ ඇතිරිලි ආදිය රැගෙන ඒමද රෝහල් බලධාරින් විසින් තහනම් කර ඇත. මකුණන් කෑම නිසාත් වාට්ටු මාරු කිරීම නිසාත් රෝගීන් සහ …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 5

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් (17.10.2018 – 12:28 +0530 – lankadeepa.lk) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩතහනම් කිරීමට රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (17) ජාතික පොලිස් …

ලොව දෙවන විශාලතම ගුවන්යානයක් මත්තලට

(17.10.2018 – 16:19 +0530 – hirunews.lk/sinhala) ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් AN 124 යානයක් අද දහවල් මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන්තොටුපලේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් සිටින අතරතුරයි දහවල් 12.20 ට මෙම යානය මත්තලට පැමිණ තිබුනේ. 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබා ගැනීම …

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනා විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව නිදොස් කොට නිදහස් කෙරේ

(17.10.2018 – 10:34 +0530 – hirunews.lk/sinhala) හිටපු වෙළඳ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනා විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (17) නියෝග කළා. පසුගිය 09 වනදා මෙම නඩුව අවසන් වරට කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ …

ඉංජිනේරු පොහොට්ටුවෝ අද සිට කරලියේ…

(17.10.2018 – 08:40 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ එළි දැක්වීමේ සමාරම්භක උළෙල අද (17) ප.ව. 5.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භවීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ. විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉංජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු …

අලුත් ව්‍යවස්ථාවේ ‘ඒකීය’ වචනය ඉවත් නොකලොත් අයවැයට විරුද්දව ඡන්දය දෙනවා.. – සුමන්තිරන්

(17.10.2018 – 06:28 +0530 – lankacnews.com) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු වාර්ථාවේදී අඩංගු වී ඇති ඒකීය රාජ්‍ය යන වචනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවටත් රජයේ පොරොන්දු ඉටු නොකරන්නේ නම් මෙවර පැත්වෙන අයවැයට විරුද්ධව ඡන්දය පකාශ කිරීමේ සූදානමක් ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව …

රටින් ගෙන්වන ළමා උපකරණවල විස රසායන – පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ

(17.10.2018 – mawbima.lk) මෙරට වෙළෙඳපොළේ බහුලව තිබෙන ආනයනික පාසල් බෑග්, පෑන්, පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩු ඇතුළු කුඩා දරුවන් සඳහා ඇති භාණ්ඩ බොහොමයකම…සෞඛ්‍යයට ඉතාමත් අහිතකර විස රසායනික ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇතැයි ‘පරිසර යුක්ති කේන්ද්‍රයේ’ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි. ඉන්දියාව, චීනය වැනි රටවලින් ලංකාවට ගෙන්වනු ලබන වර්ණ ගැන් වූ රෙදි, ප්ලාස්ටික් සහ රබර්වලින් …

පොදුජන පෙරමුණේ මහනුවර දිසා සමුළුව : ආණ්ඩුවේ නායකයන්ට ඕනෑ විදියට FCIDය සාක්කි විකෘති කරනවා

(17.10.2018 – mawbima.lk) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ශ්‍රී ලංකාවේ හොර ආයතනයක් බවට පත්ව ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටේ දේශපාලන නායකත්වයට අවශ්‍ය පරිදි සාක්ෂි විකෘති කරමින් මෙම ආයතනය හැසිරෙමින් පවතින බව ඉකුත් 15 වැනිදා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිසා ශාඛා සමුළුවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය. සාක්ෂිකරුවන්ගේ තොරතුරු …