Day archives: ඔක්තෝබර් 19th, 2018

වෙල්ගම ‘නොකවුට්’.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගෝටා උගන්වයි.. ඇමරිකා පුරවැසිකම අස්කරගන්නා බවත් කියයි…

(19.10.2018 – 15:00 +0530 – lankacnews.com) තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. තමන් ප්‍රජාතන්ත්‍රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන් …

පොඩි එකාගෙ ලියුමේ වගන්ති දෙකක් බේරෙයි… – උදය ගම්මන්පිල

(19.10.2018 – 12:00 +0530 – lankacnews.com) ‘ජාතික ආණ්ඩුව යහපාලනය සහ රටේ අනාගතය’ යන මැයෙන් පසුගියදා ස්විඩනයේ පැවති ජනහමුව අමතමින් පිවුතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. එම් ඒ සුමන්දිරන්, ජයම්පත්‍රි වික්‍රමරත්න හා සුරේන් ප්‍රනාන්දු කියන තුන්දෙනා එකතුවෙලා ව්‍යවස්ථාවක් හැදුවා. හැබැයි මේ ව්‍යවස්ථාව ගැන තොරතුරු එළියට එනකොටම බුද්ධිමතුන් මේකෙන් රටට වෙන …

පාර්ලිමේන්තුවට ගේන්නේ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට හැදූ ව්‍යවස්ථාවක්

(19.10.2018 – mawbima.lk) ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවට සැකසූ ව්‍යවස්ථාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැවැසීය. එය පරාජය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවද හෙතෙම කීවේය. ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ පෙරේදා (17 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝහර ද …

මාවනැල්ල ශ්‍රීලනිප සංවිධායක ගිනි අවි 3 ක් සමඟ අල්ලයි

(19.10.2018 – mawbima.lk) මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක, සබරගමු පළාත් සභාවේ හිටපු සභානායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතාගේ කෑගල්ල අෑෂ්ලි පීරිස් මාවතේ පිහිටි නිවෙසෙහි සඟවා තිබූ බලපත්‍ර රහිත විවිධ වර්ගයේ ගිනි අවි තුනක් සමඟ සංවිධායකවරයා ඊයේ (18 දා) රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගිනි අවි අතර …

කාර්යාල වේලාවේ කාර්යාල පරිශ්‍රය තුල පැවැත්වු මත්හුලිජ්ජ සාදය

(18.10.2018 – 19:58 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්හුලිජ්ජ සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා. අදාල කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. ඔරුවලදී වෙඩි හුවමාරුවකින් තුවාල ලැබු බණ්ඩා මරුට (18.10.2018 – 20:46 +0530 – hirunews.lk/sinhala) …