Day archives: ඔක්තෝබර් 20th, 2018

මීළඟ ජනපති පඹයෙක්

(15.10.2018 – ravaya.lk) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන්, පවතින ව්‍යවස්ථාව යටතේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා, විධායක ජනපතිවරයකු නොව නාමමාත්‍රික ජනාධිපතිවරයකු පමණක් වීමෙන් රට තුළ බරපතළ දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් විය හැකි යැයි දේශපාලන විචාරකයෝ මෙන්ම ව්‍යවස්ථා විෂය ප්‍රවීණයෝ පවසති. විශේෂයෙන්ම අවශ්‍ය විටක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිවීම, අග්‍රාමාත්‍යවරයාව ඉවත් කළ නොහැකිවීම, ඇමති මණ්ඩලය පත්කිරීම හා …

සම්බන්ධීකරණ ලේකම් කිව්වට කිසිම සම්බන්ධයක් නෑ – කිරාන් අතපත්තු

(19.10.2018 – ravaya.lk) කිරාන් අතපත්තු යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වඩා කතාබහට ලක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිට්ටුවන්තයෙක් විදිහටය. ඒ කිට්ටුකම් දුරස්ථකම් ගැන ඔහු කියන කතාව දේශපාලන චරිත ගැන අපූරු කියවීමකි. අද බොහෝ දෙනා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බණිනුයේ මුල අමතක කළ බව කියමිනි. එය එසේමදැයි අපි නොදනිමු. කිරාන් මහතාගේ කතාවට කන්දෙමු. කිරාන් අතපත්තු මහතා (ජනාධිපති …

“කොටි හිතවාදී ඡායාරූප ප්‍රදර්ශනයක් පේරාදෙණිය සරසවියේ?” පේරාදෙණියේ නිර්භීත තරුණයන් එක්වී සටන ජය ගනියි !

(20.10.2018 – nethgossip.lk) දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාවට ශාපයක් වූ යුද්ධය අවසන් වී වසර නවයකටත් වැඩිය. නමුත් යුද්ධය විකුණමින් බටහිර රටවල් වලින් සහ දෙමළ ඩයස්පෝරාවෙන් ඩොලර් උපයන රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) ක්‍රියාකාරකම් තවමත් අවසන්ව නැත. ඔවුන් බෙදුම්වාදය පෝෂණය කරමින්, අමතක කළ යුතු යුද්ධය තවමත් විකුණමින් මුදල් උපයමින් සිටියි. මේ අතර N.G.O සංවිධානයකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ …

මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට – ආණ්ඩුව පුපුරයි

(21.10.2018 – mawbima.lk) ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම එහි ආරම්භක සන්ධිස්ථානය බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. එම කොමිසමේ නිර්දේශ අනුව එජාපයට සම්බන්ධ …

රු. කෝටි 1700 ක් රටට අහිමි කළ දේශපාලන බලවතාගේ සුපිරි වාහන සෙල්ලම

(21.10.2018 – mawbima.lk) රජයේ මැති ඇමැතිවරුන්ගේ රෙදි ගලවමින් අනාවරණය වූ මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ අර්ජුන මහේන්ද්‍රන් – අර්ජුන් ඇලෝසියස්ලාගේ මහා පරිමාණ මහ බැංකු – බැඳුම්කර මහා වංචාවෙන් මේ රටේ ජනතාවට (රජයට) අහිමි වූ රුපියල් කෝටි 1200 ක සුවිශාලතම රාජ්‍ය මුදල් කොල්ලය පරයා යමින් යහපාලන මුල් යුගයේ රජයේම ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහයෙන් සිදුව ඇතැයි කියන …

මේක ආණ්ඩුවට ජැක් ගැහීමක් නොවෙයි – විමල් වීරවංශ

(13.10.2018 – lankadeepa.lk) දේශපාලන​ පොරපිටිය ගිනියම්ය. බල පෙරළියක ඉඟි ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දැල්වමින් තිබේ. එහෙත් එතැනත් විවිධ මත තිබේ. එහෙයින් අවසානයේ සිදුවිය හැක්කේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි : • ප්‍රශ්නය:- ආණ්ඩුවක් හදන්න පුදුම හදිස්සියක් ඔබට තියෙන්නේ? …

ලංකා බැංකු සහ මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවාහැරීම ගැන ඇමතිවරුන්ගේ පැහැදිළි කිරීම්

(19.10.2018 – 19:42 +0530 – hirunews.lk/sinhala) ලංකා බැංකු සහ මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිමේ බලය ඇත්තේ තමාට බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා. ගම්පොල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපතිවරයා තමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි. ලංකා ආයෝජන මණ්ඩලයල මහජන බැංකුව හා ලංකා බැංකුව යන ආයතන වල අධ්‍යක්ෂ …

පොලිසිය නිවසකට පහරදුන් බවට චෝදනා

(19.10.2018 – 20:30 +0530 – hirunews.lk/sinhala) නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කඳාන – හපුගොඩ හා කඳාන – පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවෙස් දෙකකට පසුගියදා රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් නිවැසියන්ට පහර දෙන අයුරු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙවැනි පහරදීමක් සම්බන්ධයෙන් …