Day archives: ඔක්තෝබර් 26th, 2018

මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම්දෙයි – 1

(26.10.2018 – 19:45 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආණ්ඩුවද අවසන් …

මත්තේගොඩ රාජ්‍ය බැංකුවක් කොල්ලකයි – මුදලින් රු. කෝටියක් සහ රන් භාණ්ඩ තොගයක්

(26.10.2018 – 16:30 +0530 – sinhala.adaderana.lk) මත්තේගොඩ ප්‍රදේශයේ රජයේ බැංකුවක් කොල්ලකා ඇති බව වාර්තා වෙයි. අද (26) පස්වරු 3.30 ට මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් කොල්ලකෑම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය පවසයි. කොල්ලකරුවන් බැංකුවේ තිබූ රුපියල් කෝටියකට පමණ ආසන්න මුදල් තොඟයක් සහ රන් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තාවෙයි. කැබ් රථ සේවාවකින් කුලී …

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ තිබෙන බෝධින් වහන්සේලා කපා දමනවා. පුරාවස්තු වළ දානවා, දාගැබ් ඩෝසර් කරනවා. මේවා ගැන බලන්න කවුරුත් නැහැ.

(26.10.2018 – nethgossip.lk) ‘වැලිකන්දේ ෂරියා විශ්ව විද්‍යාල හදනවා..මුන් ඇවිල්ලා තියන බෝධියත් කපලා අපේ ඉතිහාසය වළලනවා‘ – මඩකළපුවේ එරාවුර්හි බෝධි වහන්සේ කපා දමයි, ලොකු ලොක්කෝත් අවසර දීලා මඩකලපුව එරාවුර් පොලිස් බල ප‍්‍රදේශයේ මයිලම්බාවඩි ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු බෝ ගසක් කැපීමට එරෙහිව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් 23 වැනිදා සවස එම ස්ථානයට ගොස් විරෝධතාවක් පැවත්වූහ. මෙම …

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි

(22.10.2018 – biz.adaderana.lk) විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත. …

උණ්ඩ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට යුද හමුදාවේ 3 ක් අත්අඩංගුවට

(25.10.2018 – 13:49 +0530 – hirunews.lk/sinhala) සියඹලාන්ඩුව ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ උණ්ඩ 3000 ක් සහ තවත් පතොරම් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබළුන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පදවි – පරාක්‍රමපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි …

5 ශිෂ්‍යත්වය අනිවාර්ය කෙරෙන චක්‍රලේඛය අවලංගු කිරීමට පියවර

(25.10.2018 – 15:32 +0530 – hirunews.lk/sinhala) 5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයකටස එක්වෙමින්. අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව …

අධාර්මික රැකියා දෙකක් : කුකුළු පාලනය සහ කුකුළු සොරකම (CCTV)

(25.10.2018 – 17:10 +0530 – hirunews.lk/sinhala) කුකුල් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි අක්මීමන වලහන්දූව ප්‍රදේශයේ කුකුළු ගොවිපළකින් කිකිළියන් සොරකම් කිරීමේ සිද්ධියක් පිිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම කිකිළියන් අතුරුදන් වුව ද ඒ පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවී නැහැ. පසුව ගොවිපළ තුල කැමරා පද්ධතියක් සවිකර ඇති අතර ඊයේ (24) …

රෝ සංවිධානයට තොරතුරුදෙන්නේ එජාප ඇමතිවරුන් – ඩිලාන්

(25.10.2018 – 18:44 +0530 – hirunews.lk/sinhala) කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් රෝ සංවිධානයට තොරතුරු ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරනවා. ඒ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ++++++++++++++++++++++++++++++++++++ රතන හිමියන් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි (25.10.2018 …

අතරමග නැවතූ බැඳුම්කර විවාදය යළි කරළියට

(25.10.2018 – 18:53 +0530 – hirunews.lk/sinhala) අතරමග නතර කළ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ විවාදය යළි පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක මහතා සහ විමල් වීරවංශ මහතා ද සංවාදයට මැදිහත් වුණා. මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ …

හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට

(25.10.2018 – 21:56 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි අද මෙම නියෝගය ලබාදුන්නේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජනපති සහ …