Day archives: ඔක්තෝබර් 30th, 2018

‘16 වැනිදා පාර්ලිමේන්තුවේදී බහුතරය පරීක්ෂා කරන්නේ නැහැ’ – රජයේ සම මාධ්‍ය ප්‍රකාශක

(30.10.2018 – 19:26 +0530 – lankadeepa.lk) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළඹෙන 16 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය. නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කළේය. රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති …

නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ

(30.10.2018 – nethnews.lk) ඊයේ දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයට අයත් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. • ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,• ධීවර අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ,• පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, • විදේශ ලේකම් ආර්.පී. ආරියසිංහ,• වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති,• කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, • විදුලිබල හා පුණර්ජනනීය …

ඕනෑම පළාතක කෙනකුගේ උප්පැන්න – මරණ හෝ විවාහ සහතික විනාඩි පහෙන් ගත හැකියි

(30.10.2018 – mawbima.lk) සියලුම පළාත්වල පදිංචිකරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික්ක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබාගැනීමේ සේවාවක් ආරම්භ විය. සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහෙන් කඩිනමින් ලබාදීමේ යෝජනාව මේ අනුව ක්‍රියාත්මක විය. මේ වැඩසටහන යටතේ 1960 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා මෙරට …