Day archives: ඔක්තෝබර් 31st, 2018

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී

(31.10.2018 – 14:51 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද (31) උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ. මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු සහ සනත් …

අමිත් වීරසිංහට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

(31.10.2018 – 14:53 +0530 – hirunews.lk/sinhala) මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය මහතා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 3 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. ඊට අමතරව සෑම …

එජාපයේ නිල බස ඉංග්‍රීසි නිසා හිටපු අගමැති රනිල් අලි අමාරුවක.. – උදය ගම්මන්පිල

(31.10.2018 – 15:50 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා කියන පණිවුඩය ලැබෙන්නට ටික වෙලාවකට කලින් මාධ්‍ය හරහා රටට ලැබුණු පණිවුඩය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ බවයි. වත්මන් ආණ්ඩුක්‍රම …

අරලියගහ මන්දිරයට ගිය රජයේ නිලධාරීන්ට පහරදී, තර්ජනය කිරීම ගැන පැමිණිලි

(31.10.2018 – 17:13 +0530 – hirunews.lk/sinhala) අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු සඳහා ගිය රජයේ නිලධාරීන්ට පහරදී, බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිටස්තර පිරිස් මෙලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ. තර්ජනය කිරීමක් ගැන …

දුමින්දට නොනැමුනු, අර්ජුනට නැමෙන නීතිය ගැන තෙල් සේවකයන් ප්‍රශ්න කරයි

(31.10.2018 – 19:25 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සේවකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ, උඩුනුවර – ගෙළිඔය – කොස්සින්න පොදු සුසාන භූමියේදියි. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සිය ආරක්ෂකයින් සමඟ පසුගිය ඉරිදා පස්වරුවේ එම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු …

යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්

(31.10.2018 – 20:06 +0530 – hirunews.lk/sinhala) නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අගමැති ධුරයේ වෙනස ගැන නීතිපති මතය කථානායකට (31.10.2018 – 19:40 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය ධුරයේ සහ …