Day archives: නොවැම්බර් 1st, 2018

එජාප මන්ත‍්‍රී පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරියේදී මේජර් අජිත් ප‍්‍රසන්නට දරුණු ලෙස පහරදෙයි …

(01.11.2018 – 18:45 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු අරලියගහ මන්දිරය ඉදිරියේදී තමනට දරුණු ලෙස පහර දුන් බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි. තමන් අරලියගහ මන්දිරය ඉදිරිටයන් ගමන් කරමින් සිටියදී එහි සිටි පිරිසක් පැමිණ මෙසේ පහර දුන්නේ යයි ඔහු පවසයි. එජාප මන්ත‍්‍රිවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මන්ත‍්‍රීවරුන්ද …

මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – බොදු බල සේනා සංවිධානය

(01.11.2018 – colombotoday.com) මලික් සමරවික්‍රම, මංගල සමරවීර ඇතුළු සමනල් කල්ලිය සිදුකල ක්‍රියා කලාපය හේතුවෙන් රටේ ජනතාවට යහපාලනය තිත්ත වූ බව පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමි අද (01) පැවති බොදු බල සේනා මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා. “මිනිස්සු ගහලා පන්නන්න කලින් කනෙන් අල්ලලා අගමැති ධූරයෙන් එලියට දැම්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හරිනම් රනිල් වික්‍රමසිංහ මල් තියලා වඳින්න …

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි – පස්වනදාම (05) කැඳවීමට ජනපති තීරණය කරයි

(01.11.2018 – 12:46 +0530 – hirunews.lk/sinhala) ලබන 16 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගු කර එය රැස්වීමට නියමිතව තිබූ නොවැම්බර් පස්වනදාම එය කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. අද (01) පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවකදියි අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ. අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකිරීමට පෙර පාර්ලිමේන්තුව ලබන මස 5 වනදා රැස්වීමට …

පොලිස් ලොක්කන් 53 කට දුන් වැරදි ස්ථාන මාරු කොමිසමෙන් නවත්වයි

(31.10.2018 – 23:00 +0530 – lankadeepa.lk) පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසියේම ලබා දුන් ස්ථාන මරු නියෝග වහාම අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (31) දැනුම් දුන් බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන …

නව විදේශ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ වැඩ අරඹයි

(31.10.2018 – 21:09 +0530 – sinhala.adaderana.lk) ශ්‍රි ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තානාපති රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අද දින (31) සිය ධුරයේ වැඩ භාරගත්තේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතා මෙම තනතුරට පත්කරන ලදී. අද දින උදෑසන අමාත්‍යාංශයට පැමිණි නව විදේශ ලේකම් ආර්‍ය්‍යසිංහ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස …