Day archives: නොවැම්බර් 2nd, 2018

අගමැති කතරගමට

(02.11.2018 – 18:56 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්වීමෙන් පසු අද (02) පෙරවරුවේ කතරගම පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර වැද පුදාගෙන කතරගම මහා දේවාල භූමියට පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. එහිදී රුහුණු මහා කතරගම මහා දේවාලය ඇතුළු පරිවාර දේවාල වෙත ගොස් පළතුරු පූජා පවත්වා අග්‍රාමාත්‍යවරයා ආශිර්වාදය ලබාගෙන …

රුපියල ඔළුව උස්සයි – ඩොලරයක විකුණුම් මිල රු. 175.8240

(02.11.2018 – 13:22 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය. ඊයේ (02) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් වූ …

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

(02.11.2018 – 13:15 +0530 – hirunews.lk/sinhala) තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මේ මස 9 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ඊට අදාළ …

තමන්ට බහුතරය නොමැති බව රනිල් ඔප්පු කර පෙන්වයි.. එජාපෙ 98 ක් පමණයි.. අද පාර්ලිමේන්තුවේ නිල වාර්තා මෙන්න..

(02.11.2018 – 15:50 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 118 ක් ඇතැයි යෝජනාවක් සම්මත කලේ යයි පැවසුවත් අද රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිට බහුතරයක් නැතැයි ඔප්පු කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : තමන්ට බහුතරය නොමැති බව රනිල් වික‍්‍රමසිංහ ඔප්පු කරයි …

රනිලයාගේ මානසික රෝගය පාඨලියාට බෝවේ ? වහාම ප්‍රතිකාර අවශ්‍යයි!

පාඨලී දිගටම පුටුව අල්ලන් (02.11.2018 – 13:03 +0530 – sinhala.adaderana.lk) හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වන විට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරන බව වාර්තා වෙයි. පාඨලී චම්පික රණවක මහතාගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ අද (02) දින අමාත්‍යංශ වෙත ගොස් රාජකාරි කටයුතු සිදු කරන අයුරු සටහන් ඇත. පසුගිය 26 දා නව අග්‍රාමත්‍ය …

උපකාරක පන්තියකදී 11 හැවිරිදි පාසල් සිසුවියකට පහරදුන් ගුරුවරිය අත්අඩංගුවට

උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහර දීමක් (02.10.2018 – 12:10 +0530 – sinhala.adaderana.lk) පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහර දීමක් සිදු කළ බව කියන 23 හැවිරිදි ස්වේච්ඡා පාසල් ගුරුවරියක්ව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 29 වැනිදා පුද්ගලික පන්තියේදී එම පහර දීම සිදු කර ඇති අතර, පොලීසියට ලද පැමිණිල්ලෙන් අනතුරුව 01 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම …

පෙට්‍රල් සහ ඩීසල් මිළ අඩුවෙද්දී ජනතාවට සහන මල්ලක්

(01.11.2018 – 20:06 +0530 – hirunews.lk/sinhala) අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 ක්ව පැවති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 ක්ව පැවතියා. …