Day archives: නොවැම්බර් 6th, 2018

හිරු සී.අයි.ඒ. : අලි මිනිස් ගැටුමට අතවනන විදුලි වැට

(06.11.2018 – 19:55 +0530 – hirunews.lk/sinhala) තට්ටු මාරු ක්‍රමයට බලයට පත් වු මෙරට කිසිදු රජයකට දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව පීඩා විදින අලි – මිනිස් ගැටුමට සාර්ථක විසදුමක් ලබා දීමට හැකි වුනේ නැහැ. ඊට විසදුම් නොදීම හරහා මේ වනවිටත් වටිනා මිනිස් ජීවිත මෙන්ම සද්ධන්තයන් ද තම ජීවිත වලින් වන්දි ගෙවමින් සිටිනවා. අද හිරු සී.අයි.ඒ. අනාවරණය …

වත්මන් රජයට 113 ට වැඩි බහුතරයක් සිටින බව නිදහස් සන්ධානය කියයි

(06.11.2018 – 22:16 +0530 – hirunews.lk/sinhala) වත්මන් ආණ්ඩුවට 113 ට වැඩි බහුතරයක් මේ වන විට සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා සහ …

දෙමල සන්ධානය කොටි මහවිරු සමරුවට සැරසේ… කිලිනොච්චියේ කොටි සොහොන් සුද්ද කරයි..

(06.11.2018 – 17:30 +0530 – lankacnews.com) නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා කිලිනොච්චිය හා මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ මහවිරු සුසාන භූමී සුද්ද කිරීමේ මේ දිනයන්හි ආරම්භ කොට ඇත. මෙවරද මහවිරු දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහය ඇතිව කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ සහ මුලතිව් …

අගමැතිට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ලබා දුන් කථානායක දැන් සිහිවිකල් භාවයෙන් හැසිරීම විහිළුවක්

(06.11.2018 – mawbima.lk) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවේ හිටි වරප්‍රසාද හා පහසුකම් පසුගිය සතියේ ලබාදුන් කථානායකවරයා ඊයේ (5දා) වන විට සිහිවිකල් භාවයෙන් හැසිරීම විහිළුවක් බව හිටපු නියෝජ්‍ය කථානායක පියංකර ජයරත්න මහතා ‘මව්බිම’ට පැවැසීය. අද වන විට වත්මන් කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරමින් ගෞරවනීය තනතුරක් හෑල්ලුවට …

රූපවාහිනි වැඩසටහනක් අත්හදා බැලීමට ගිය සාමණේර හිමිනම අපවත් වෙති

(06.11.2018 – mawbima.lk) රූප පෙට්ටියට ඇබ්බැහි වූ කුඩා සාමණේර හිමිනමක් ජනප්‍රිය රූපවාහිනි නාළිකාවකින් විකාශනය වන අපේ රටේ දරුවන්ගේ විවිධ දක්ෂතා ලොවට පෙන්වන ‘ටැලන්ට්’ වැඩසටහනක් ඉතාම ආශාවෙන් නැරැඹීමට මෙන්ම ඒවා අත්හදා බැලීමටද යෑමෙන් සමනල වියේදීම ජීවිතයෙන් සමුගත් පුවතක් ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. ගණේමුල්ල ප්‍රදේශයේ විහාරයක පැවිදිව සිටි 13 හැවිරිදි සාමණේර භික්ෂුන් වහන්සේ නමක් මෙලෙස …

කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් මනූෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි

(06.11.2018 – 12:28 +0530 – hirunews.lk/sinhala) කම්කරු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ද ඔහු මේ වන විට ඉදිරිපත් කර ඇති බව සඳහන්. මේ අතර, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා, පාර්ලිමේන්තුව තුල තවදුරටත් ස්වාධීනව කටයුතු කිරීමට …

ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

(05.11.2018 – 12:52 +0530 – hirunews.lk/sinhala) ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ, ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට …