Day archives: නොවැම්බර් 7th, 2018

කතානායක කරුට එරෙහිව පැමිණිලි ගොනු කෙරේ.. දඬුවම වසර 10 ක් හිරේ..

කථානායක අද (07) නිල නොවන හමුවක (07.11.2018 – 19:07 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද (07) පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි. එදින න්‍යායපත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු …

මැතිවරණයකට යන්න ජනපති-අගමැතිගෙන් මැකොට උපදෙස්

(07.11.2018 – 16:13 +0530 – sinhala.adaderana.lk) පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහාතා පවසයි. අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පළාත් සභා මැතිවරණ නව ක්‍රමයට පැවත්වීමට …

කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලට රු. ලක්ෂ 28 ක් වටිනා ශ්වසන ආධාරක උපකරණයක් පරිත්‍යාග කෙරේ

(06.11.2018 – 21:14 +0530 – sinhala.adaderana.lk) පුංචි ජීවිත බේරා ගන්න අත්වැලක් කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට පවතින ශ්වසන ආධාරක වල අඩුපාඩුව පිළිබඳව අද (06) දෙරණ පසුගියදා රටට අනාවරණ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම රෝහලට තවත් ශ්වසන ආධාරකයක් හිමි වී තිබේ. කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලේ සෑම මසකම දරු උපත් දහසක් පමණ …

ETI දූෂිත ගනුදෙනුවලට පසුගිය රජයේ අනුග්‍රහය ලැබුණා – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

(06.11.2018 – 13:32 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ දූෂිත ගණුදෙනුවලට එවකට පැවති රජයන් හි අනුග්‍රහය ලැබී තිබූ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. එම තැන්පතුකරුවන් විසින් අද (06) කොළඹ කැදවා තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය මෙම සම්මන්ත්‍රණයට එක්වෙමින් කියා සිටියේ තැන්පත්කරුවන්ට …

බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයාගේ සහතිකය

(06.11.2018 – 19:39 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල බව බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේ සාමාජික මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා. ට්විටර් පණිවුඩයකින් ඔහු අවධාරණය කරන්නේ ශ්‍රි ලංකාවේ තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂග්‍රාහීව ක්‍රියා නොකළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී එරට මන්ත්‍රිවරයෙකු ප්‍රශ්න කර …