Day archives: නොවැම්බර් 9th, 2018

රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග

(09.11.2018 – 19:46 +0530 – lankadeepa.lk) බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාගේ දියණීය වූ ඔනෙලා කරුණානායක මෙනෙවියට ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝග කළාය. එසේම, වෝල්ට් ඇන්ඩ් …

පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය 2019 ජනවාරි 05

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි.. (09.11.2018 – 22:14 +0530 – lankacnews.com) පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ. ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති …

කතානායක එජාපයට කඩේ යන්න ගොස් කඳ හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..

(09.11.2018 – 15:50 +0530 – lankacnews.com) අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි. කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා …

අමාත්‍යාංශ 21 ක විෂයන් ගැසට් කෙරේ

(09.11.2018 – 12:10 +0530 – hirunews.lk/sinhala) අමාත්‍යාංශ 21 කට අදාළ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙතෙක් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ඇති අතර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති සියළුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම් මෙන්ම ඒ ආශ්‍රිත …

විදේශ ගිවිසුම් ගැන යළි සමාලෝචනයක්

(09.11.2018 – 18:15 +0530 – hirunews.lk/sinhala) විදේශයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පිලිබඳව කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළා. ඒ, අද පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා යන මහත්වරු …

උතුරේ ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

(08.11.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala) ‍උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පැවැති ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදි. උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි රැස් වුණේ …

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට චෝදනාවක්

(08.11.2018 – 19:53 +0530 – hirunews.lk/sinhala) තනතුරෙන් ඉවත්කර තිබියදීත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ රැඳී සිටිමින් පොදු දේපල සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකළා. රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය අද පෙරවරුවේ …