Day archives: නොවැම්බර් 13th, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

(13.11.2018 – 18:08 +0530 – sinhala.adaderana.lk) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 18 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන …

මැස්සෙක් නිසා මධ්‍යම පළාතේ සමේ රෝගයක්

(13.11.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසනවා. ලිෂ්මානියස් නමින් හැදින්වෙන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝ වන අතර මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු සම රතු පැහැ ගැන්වී කැසීමට ලක්වන බවයි වෛද්‍යවරිය හිරු ප්‍රවෘත්ති …

පාර්ලිමේන්තුව විසුරවා හැරීම ව්‍යවස්ථානුකූල බව, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – ඊට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලයි

(13.11.2018 – 11:50 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයට එක්වෙමින් නීතිපතිවරයා කියා සිටියේ ව්‍යවස්ථාවේ 33/2 වගන්තිය යටතේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි …

සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත‍්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරණ ව්‍යාපාරය බිමටම හාන්සියි…

(13.11.2018 – 06:27 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි. පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර …