Day archives: නොවැම්බර් 14th, 2018

පාර්ලිමේන්තුව හෙට (15) උදෑසන 10 දක්වා කල්තැබේ

(14.11.2018 – 10:23 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල්තැබීමට පියවර ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්වයක් සමඟ මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබීමට හේතුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. උදෑසන 10 ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය මහින්ද …

ප්‍රබල රටවල් 8 ක නියෝජිතයෝ විදෙස් දූත මණ්ඩල රැස්වීම වර්ජනය කරති

(13.11.2018 – 21:24 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව පිළිබඳව කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඊයේ (12) කොළඹ දී පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුවට බටහිර රටවල් 8 ක නියෝජිතයන් සහභාගී වී නැතැයි වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් …