Day archives: නොවැම්බර් 17th, 2018

කරුගේ දෙවන විශ්වාස භංගයත් ජනපති විසි කරයි.. ‘විධිමත්’ ක‍්‍රමයට කරන්නැයි දන්වයි..

(16.11.2018 – 21:58 +0530 – lankacnews.com) අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ තම නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් අද දිනයේද සම්මත කලේ යයි කියන විශ්වාසභංග යෝජනාවද පිළිගන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ තමන් සමග පැවති සාකච්චාවේදී එජාපෙ නායකයන් එකඟ …

මහමැතිවරණ පෙත්සමට, පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා මෝසමක්

(16.11.2018 – 14:13 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කෙරුණා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිළ ඇතුළු 5 දෙනෙකු විසින්. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති …

පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටි මන්ත්‍රීවරුන් ඉන් පිටව යයි

(16.11.2018 – 15:58 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ හට ගත් උණුසුම් තත්ත්වය හමුවේ සභා ගර්භයේ රැදී සිටි මැති ඇමතිවරුන් සියළු දෙනාම මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. එසේම ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බව සඳහන්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, පාලිත තෙවරප්පෙරුමට සහ …

අදත් (16) පාර්ලිමේන්තුව නොසන්සුන් – පොලිස් ආරක්ෂාව මැද පැමිණි කථානායක විශ්වාසභංගය සම්මත වූ බව කියයි

(16.11.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අද (16) ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට තමන් පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. අදත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක අසුන අත්පත් කරගනිමින් විරෝධතාවක නිරත වීම හේතුවෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයී. ඊට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා …

කිසි ලෙසකින්, පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි

(16.11.2018 – 19:16 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය ද මේ පිළිබදව නිවේදනයක් නිකුත් කළ අතර ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ ද ඒ පිළිබඳව සටහනක් තබා තිබුණා. මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව අද දිනයේ …