Day archives: නොවැම්බර් 18th, 2018

ජනාධිපතිතුමා කැඳවූ සර්ව පාක්ෂික හමුව : නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයෙන් ඡන්දය ගණනය කිරීමට එකඟත්වය

(18.11.2018 – 20:53 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව ජනාධිති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට (19) පාර්ලිමේන්තුවේ …

මැතිවරණයට බිය නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට දැමු පෙත්සම් ඉවත් කරගනු…

(18.11.2018 – 06:30 +0530 – lankacnews.com) මැතිවරණයකට ගොස් ජනතා මතය උරගා බැලීමට බියක් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ඉවත් කර පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. අද ජනතාවගේ ඒකායන …

ජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි – කරූටත් ආරාධනයක්

(17.11.2018 – 22:42 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට පැවැත් වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දීය. පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළඹ තිබේ. …

බටහිර රටවල බලාපොරොත්තුවක් ගැන ගෝඨාභය හෙළිකරයි

(17.11.2018 – 19:26 +0530 – hirunews.lk/sinhala) පැවති රජය වෙනස් වූ විගස බටහිර තානාපති කාර්යාල ක්‍රියාකළ ආකාරයෙන්, එම රජය කාගේ වුවමනාවකට ක්‍රියාත්මක වූ රජයක්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොස්ගම ප්‍රදේශයේදී අද පැවති “එළිය” සම්මණ්ත්‍රනයට එක්වෙමින්. එළිය සංවිධානය පවත්වන සම්මණ්ත්‍රන මාලාවේ තවත් එක් සම්මණ්ත්‍රනයක් අද …

කථානායක කරු-මයාට අත්තන ඇට කැවිලද? අමාත්‍ය විමල් වීරවංශ අසයි

(17.11.2018 – 18:59 +0530 – sinhala.adaderana.lk) කථානායකට අත්තන ඇට කැවිලද? අමාත්‍ය විමල් වීරවංශ අසයි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරියටත් ගෙන එන්නේ නම් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට ඒ සම්බන්ධයෙන් කොන්දේසි තුනක් පනවා ඇතැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (17) පැවති ආණ්ඩු පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් …