මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි
(18.11.2018 – 19:33 +0530 – lankadeepa.lk) ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමු …