Day archives: නොවැම්බර් 21st, 2018

සෙනසුරාදා (24) පැය 18 ක ජල කප්පාදුවක්

(21.11.2018 – nethnews.lk) අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (24), පෙරවරු 8 සිට පැය 18 ක්, කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා ෴

‘අර්බුදයේ මුල මැද අග විනිවිද’ – ‘දෙරණ 360’ කුමරතුඟු මුණුපුරා විශිෂ්ඨ සලකුණක් තබයි…

(21.11.2018 – 13:20 +0530 – lankacnews.com) පසුගියදා දෙරණ 360 වැඩසටහනට පැමිණි ගෙවිඳු කුමාරතුංග මහතා වත්මන් දේශපාලන අර්බුදයේ මුල – මැද – අග ගැඹුරින් විශ්ලේෂණය කරමින් සුවිසේශී පැහැදිළි කිරීමක් සිදු කළේය. ආණ්ඩු පෙරලිය සිදු නොකලේ නම් මේ වන විටත් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කරූ ජයසුරිය මහතාගේ “හඬ අනුව සම්මතයි” ලේබලය ගසාගෙන බලාත්මක වන්නට තිබුණේ යැයි සඳහන් …

අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

(21.11.2018 – 13:51 +0530 – lankadeepa.lk) ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් …

‘අගවිනිසුරුට යැව්ව ව්‍යාජ ලිපිය’ ගැන CIDයට පැමිණිල්ලක්

(21.11.2018 – 15:55 +0530 – sinhala.adaderana.lk) ‘කථානායකවරයා විසින් අගවිනිසුරු නලීන් ජයලත් පෙරේරා මහතා වෙත යවන ලදැයි පැවසෙන’ ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. ව්‍යාජව සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද මෙම ලිපිය පිළිබඳ කථානායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල කර ඇති බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි. …

මරදන්කඩවල ගමක් නොසිතූ ලෙස කූඹියෝ ගිලගනිති

(21.11.2018 – 09:17 +0530 – hirunews.lk/sinhala) කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසක දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. කුහුඹුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සහ ව්‍යාපාරික ස්ථානවල කටයුතුවලට ද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පවතින තත්ත්වය හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගෙවතු, නිවාස, වැසිකිළි, මෙන්ම …

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වෙයි

(21.11.2018 – 13:10 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙනවා. ඔහු පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කරන බව සඳහන් …

‘සිංහලේ අපි’ ජාතික සංවිධානයෙන් චෝදනාවක්

(20.11.2018 – 20:25 +0530 – hirunews.lk/sinhala) තම සංවිධානයේ භික්ෂූවහන්සේට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මැති ඇමතිවරුන් කිඹුල් කඳුළු හෙළන බව සිංහලේ අපි ජාතික සංවිධානය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිංහලේ අපි ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ක්‍රියාත්මක කළ විරෝතධතාවකට ඊයේ කඳුළු …