Day archives: නොවැම්බර් 24th, 2018

විමල්ගෙන් තවත් අනාවරණයක්

(24.11.2018 – 19:45 +0530 – sinhala.adaderana.lk) හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් එල්.ටී.ටී,ඊ. සංවිධානය පිළිබඳ තොරතුරු සෙවූ බුද්ධි අංශ මෙහෙයුමක් පාවාදුන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) අනාවරණ කළේය. ඒ අද පස්වරුවේ කඩවත පැවති ජනහමුවකදීයී. මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන දස ලක්ෂයක පෙත්සමට අස්සන් තැබීමේ සමාරම්භක උලෙළ අද කඩවතදී පැවැත්වුණේ මැති ඇමතිවරුන් …

දෙමළෙන් බණ කියන නිශ්ශංක උයනේ සිරිධම්ම හාමුදුරුවෝ

(20.11.2018 – lankadeepa.lk) “එදි සෙන්ජාලන් නල්ලද සෙයිය වේනු. නල්ලද නෙණචිකිට නල්ලද සොල්ල වේනු. නලලද සෙන්ජා, නල්ලද සොන්නා වාල්කේ නල්ල ඉරුක්කුම් සොල්ලි තාන් බුද්ධ පෙරුමාල් සාමි දේශනා පන්නි ඉරුක්කි. අදුපෝල නම්ම වාල්කේයිල වාල්රතිකි මෝච්චි පන්න වේනු. ඉරුක්කු පාක්ක වේනු. නල්ලදි සෙන්ජි නල්ලදි නෙරවේර්තක වේනු. එවෝලෝ දූරම් නල්ලදු නම්ම සෙයිරදු අවලෝ දූරම් නම්මලක නල්ලදු. වාල්කේ නල්ල ඉරුක්කුම් …

මැතිසබය යළි කැදවීමට එරෙහි පෙත්සමත්, 4 වන දා කැඳවයි

(23.11.2018 – 14:12 +0530 – hirunews.lk/sinhala) විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගොනු කළ පෙත්සම ලබන 4 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මූලික …

මහවිරු සැමරුම් ගැන යාපනය අධිකරණයෙන් නියෝගයක්

(23.11.2018 – 17:19 +0530 – hirunews.lk/sinhala) කෝපායි ප්‍රදේශයේ සංවිධාන කර ඇති මහවිරු සැමරුමේ උත්සවයේ එල්.ටී.ටී.ඊ. ධජ සහ ලාංඡන භාවිතා නොකරන ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම සැමරුම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා ඉල්ලීමක් කළා. යාපනය සරසවියේ මහවිරු සැමරුමට අධිකරණයෙන් අවසර (23.11.2018 – nethnews.lk) යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් …

ආණ්ඩුව, පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(23.11.2018 – 19:06 +0530 – hirunews.lk/sinhala) කතානායකවරයා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කතානායකවරයා පත්කළ සාමාජික සංයුතියට විරෝධය පළ කර ආණ්ඩු පක්ෂය අද (23) පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගියා. කෙසේ වෙතත්, පසුව ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා වූ යෝජනාව ඡන්දයෙන් සම්මත කරගෙන තිබුණා. මීට පෙර පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ යෝජනා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක …

සියළු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා සූදානමින්

(23.11.2018 – 20:08 +0530 – hirunews.lk/sinhala) මෙම ආණ්ඩුව යටතේ මැතිවරණයකට යාම ගැටළු සහගතනම් සියළු පක්ෂ එක්වී භාරකාර ආණ්ඩුවක් හෝ පිහිටුවා මැතිවරණයකට යාමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මේ අතර, අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද කථානායකවරයා …

දඹර අමිලයාට චෝදනාවක්

(23.11.2018 – 20:40 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) දඹර අමිලයා භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරන බවත්, ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස ගෞරව උපාධියක් පිරිනැමීම සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළයුතු බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා. ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගනී (23.11.2018 – 14:06 +0530 – hirunews.lk/sinhala) බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර …

රන්ජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(23.11.2018 – 20:49 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් ජනතාව අතර කැළඹීමක් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව පොලිසිය වහා විමර්ශනයක් සිදුකළ යුතු බව සිංහළේ අපි සංවිධානය පවසනවා. සිංහලේ අපි ජාතික සංවිධානයේ හිමිවරුන් අද පොලිස් මුලස්ථානයට පැමිණ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. …

සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක්

(23.11.2018 – 21:55 +0530 – hirunews.lk/sinhala) සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා. බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ. ඒ අනුව තේ, කුලු බඩු, පොල්, රබර්, වී, පළතුරු, එළවලු ඇතුලු කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන ආදායම්වලට මෙම සහනය අදාළ වනු …