Day archives: නොවැම්බර් 29th, 2018

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ් – මාධ්‍යයටත් තර්ජන

(28.11.2018 – 16:59 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. ඔහුව අත්අඩංගුවට ගැනුනේ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් …

කථානායකට නීතිමය තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි

(28.11.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala) කථානායක කරූ ජයසූරියට ඉදිරියේදී නීතිමය තත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත වනු ඇති බවයි. …

මහ බැංකුව තමන්ට නොසළකන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

(28.11.2018 – 18:54 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය ප්‍රකාශ කළා. එම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ. දේශීය ව්‍යාපාරිකයෙක් ඉහළ ලන්සුවක් තබද්දී EAP ආයතනය කුණු කොල්ලයට විකිණු බව ජනපති …