Monthly archives: දෙසැම්බර්, 2018

උසස් පෙළ විශිෂ්ඨයෝ මෙන්න

(30.12.2018 – 06:58 +0530 – sinhala.adaderana.lk) උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුදා රාජපක්ෂ හිමිකර ගෙන ඇති අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ දෙවන ස්ථානයත් මාතලේ …

ජාතිවාදය ඇති කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බුද්ධශාසන ඇමති කියයි

(29.12.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala) ජාතිවාදය අවුස්සමින් රට තුළ ගැටුම් මතු කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිරීති ගෙන ඒමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්. මාවනැල්ල, හිගුල, පහළ කඩුගන්නාව ආදී ප්‍රදේශවල …

සෝපානයක් කඩා වැටී රගර් ක්‍රිඩකයා මිය ගිය හේතුව මෙන්න

(29.12.2018 – 18:51 +0530 – sinhala.adaderana.lk) කොළඹ නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක විදුලි සෝපානයක් බිමට පතිත වී සිදු වූ අනතුරකින් සීආර් අන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයකු මිය ගොස් තිබේ. අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. කොළඹ නවම් මාවතෙහි පිහිටි රාත්‍රී සාමාජ ශාලාවක අද (29) අළුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. එහි …

උසස් පෙළ ප්‍රතිඵල හෙට (30)

(29.12.2018 – 13:08 +0530 – hirunews.lk/sinhala) මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) දිනයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි. පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් …

බුදු පිළිමවලට හානි කළ අයට නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

(28.12.2018 – 18:47 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට අනර්ථයක් සිදුකළ පුද්ගලයින්ට කිසිදු සහනයක් ලබා නොදී ක්‍රියාකරන ලෙස පොලීසියට දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් …

ජල ගැල්මෙන් එක්ලක්ෂ 18,500 කට පීඩා

(28.12.2018 – 13:22 +0530 – hirunews.lk/sinhala) උතුර පලාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව එක්ලක්ෂ දහඅට දහස් පන්සිය තිස් අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් අතුරින් පුද්ගලයන් 8983 දෙනෙකු මේ වනවිට රඳවා සිටින්නේ ආරක්ෂිත ස්ථාන 27 කයි. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් සංඛ්‍යාව එක්ලක්ෂ දහනව දහස් නවසිය අසුදෙදෙනෙක්. …

අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙලනු.. – ඩලස්ගෙන් අමුතු කතා

(28.12.2018 – 16:40 +0530 – lankacnews.com) එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙලනු ! ප්‍රජාතන්ත්‍රවාදයේ ශුද්ධවන්තයන් ලෙස බටහිර ප්‍රජාවගේ නොමද ගෞරවයට පාත්‍රවූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ පිරිස බලයෙහි පිහිටුවා ගතවූ දින දහයක කාලය තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලිවනුයේ …

වැල්ලවායම පුදුම කරවමින් බෝධීන් වහන්සේගේ සිදුවූ අමුතු සිදුවීම මෙන්න

(27.12.2018 – 12:09 +0530 – hirunews.lk/sinhala) වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටා ඇති බෝධියක කඳ කොටසක නෙළුම් මල් වැනි මල් කිහිපයක් පිපි ඇති බව වාර්තා වනවා. මෙම මල් පිපි ඇති ආකාරය දැක ඇත්තේ ප්‍රදේශයේ ජනතාව වන්දමාන කර ගැනීම සඳහා බෝධීන් වහන්සේ අසලට ගොස් සිටි අවස්ථාවේදීයි. මෙලෙස පිපී ඇති මල් නෙළුම් මල් මෙන් දිස් වන අතර මෙම සිදූවීම …

ලේක්හවුස් හිටපු සභාපති , අධ්‍යක්ෂ මණ්ඩලය බලෙන් පැමිණ වැඩ…

(28.12.2018 – 06:33 +0530 – lankacnews.com) ලේක්හවුස් හිටපු සභාපති , අධ්‍යක්ෂ මණ්ඩලය බලෙන් පැමිණ වැඩ… මෛත්‍රී -මහින්ද ආණ්‌ඩුව දුන් උසස්වීම් අහෝසියි… මෛත්‍රීගේ ආශිර්වාදයෙන් සභාපති වු බවත් කියයි.. නව එ.ජා.ප. රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නද මේ වන තෙක් අමාත්‍යාංශ යටතේ කිසිදු ආයතනයක් ගැසට් කර නොමැති වාතාවරණයකදී ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ …

උතුරේ ගං වතුරෙන් අවතැන්වූ ජනතාවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

(27.12.2018 – 13:44 +0530 – hirunews.lk/sinhala) උතුර පළාතට බලපෑ ගං වතුරෙන් පසු ඇතිවිය හැකි පාචනය වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල පවුල් 30,302 කට අයත් පුද්ගලයින් 94,802 කුට පීඩා එල්ලවූ අතර, මේ වනවිට පුද්ගලයින් 9455 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 30 ක රඳවා …