Day archives: දෙසැම්බර් 6th, 2018

රු. මිලියන 2700 ක හෙරොයින් රැගෙන ආ ටෝලර් යාත්‍රාවත් අල්ලයි – සැකකරුවන් දින 7 ක් රැඳවා ගනී

(06.12.2018 – 19:01 +0530 – hirunews.lk/sinhala) වසරේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 430 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5166 ක්. එමෙන්ම, දැනට වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. …

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ ගැටළුවක් නැහැ – බන්දුල ගුණවර්ධන

(06.12.2018 – 19:05 +0530 – hirunews.lk/sinhala) වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවට කරන සාවද්‍ය ප්‍රකාශ වලට බිය නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. රජයේ උත්සව-රැස්වීම් පෞද්ගලික තැන්වල පැවැත්වීම් සපුරා තහනම් (06.12.2018 – 19:54 +0530 – sinhala.adaderana.lk) රජයේ උත්සව …

දේශපාලන අර්බුදයට විසදුම මහමැතිවරණයක් – ලංකා රක්ෂක සංඝ සභාව

(06.12.2018 – 20:16 +0530 – hirunews.lk/sinhala) පවතින දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම බව ලංකා රක්ෂක සංඝ සභාව පවසනවා. කොළඹ නිදහස් චතුරස්‍රයේ අද අධිෂ්ඨාන පූජාවක් පවත්වමින් උන්වහන්සේලා මෙම අදහස් පලකළා. ලංකා රක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කර තිබූ මාතෘ භූමී සුරක්ෂා ජාතියේ අධිෂ්ඨාන පූජාව අද පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරය …

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ඇප

(05.12.2018 – 16:34 +0530 – hirunews.lk/sinhala) තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා. ඒ, ඊට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි. අද පෙරවරු 9.30 ට පමණ ආරක්ෂක …

කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක

(05.12.2018 – 16:55 +0530 – hirunews.lk/sinhala) කරාපිටිය – ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද දහවල් තවත් වෛද්‍යවරයෙකුට පහරදී තිබෙනවා. එම වෛද්‍යවරයා සිය මෝටර් රථයෙන් රෝහල තුළ පිහිටි රථගාල වෙත පැමිණෙමින් සිටියදී වෙනත් වෛද්‍යවරයෙකු එම ස්ථානයේ ඔහුගේ මෝටර් රථය නතර කිරීමට සූදානම් වී තිබෙනවා. එයට උරණවූ විශේෂඥ වෛද්‍යවරයා තම මෝටර් රථය හරස් කර අනෙක් මෝටර් රථයේ සිටි …

සන්ධානය නොමැතිව රැස්වූ පාර්ලිමේන්තුවේ එජාප යෝජනාව කල් දැමේ

(05.12.2018 – 18:43 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වන කල් තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කරගත් යෝජනාවන්ට අනුව අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරි පියවර ගන්නා …

පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කරන්න රනිල් වික්‍රමසිංහට බැහැ – ජනපති

(05.12.2018 – 17:17 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතික පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කිරීමට එහි නායක රනිල් වික්‍රමසිංහට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. වසර 25 ක් පුරා ඔහු එම පක්ෂයේ පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් …

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද තුන්වන දිනටත්

(06.12.2018 – 7:20 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තුන්වන දිනටත් අද යළි විභාගයට ගැනෙනවා. පෙරේදා දිනයේ මෙම පෙත්සම් විභාගය ආරම්භ කරනු ලැබූ අතර එය දෙවන දිනටත් ඊයේ (05) පැවැත්වුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 6

නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක් (05.12.2018 – 19:19 +0530 – hirunews.lk/sinhala) ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණ කළ නාමල් කුමාර මහතා අද තවත් විශේෂ හෙළිදරව්වක් සිදුකළා. ඒ, අම්පාරේදී ජන හමුවක් පවත්වමින්. මේ අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා. …

අගමැති මහින්ද හා කැබිනට් මණ්ඩලය තව දුරටත් ක‍්‍රියාත්මකයි … අභියාචනාධිකරණයෙන් ලෝක වාර්තාවක් …

(05.11.2018 – 22:17 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : පසුගිය 3 දා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබා දුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනු කර තිබුණු ‘කො වොරොන්ටො’ පෙත්සමේ තීන්දුව දෙන තෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරේ කටයුතු කිරීමත් ඇමති තනතුරු දැරූ …