Day archives: දෙසැම්බර් 8th, 2018

අසරණ දියණියන් දෙදෙනෙකුට අකුරු කරන්නට අත දෙන්න

(08.12.2018 – 16:20 +0530 – sinhala.adaderana.lk) සිය පියා ගිලන් වීමත් සමඟ අසරණව සිටින පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු පිළිබඳව බිබිල මැදපිටියෙන් වාර්තා විය. බිබිල මැදිපිටිය ගම්මානයේ පදිංචි ඩි.එම්.සිරිසේන මහතා ගොවිතැනින් සිය දිවිය සරිකරගත් අතර සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ අඩු පහසුකම් ඇතුව සිය නිවසේ ජීවත් වේ. කෙතරම් අගහිගකම් තිබුනත් ගොවිතැනින් ලැබුණු සුළු මුදල අරපරිස්සම්කරගනිමින් සතුටින් ජීවත් …

ව්‍යවස්ථාව මල නීතියක් විය හැකිය බව ඩලස් කියයි

(08.12.2018 – 19:51 +0530 – sinhala.adaderana.lk) ජනාධිපති ඝාතන කුමන්ත්‍රණකරුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මකවුවහොත් ව්‍යවස්ථාව මල නීතියක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පස්වරුවේ වැලිගමදී පැවැති ජනහමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩලය අද පස්වරුවේ වැලිගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත් විය. එහිදි …

කොළඹ ජාතික රෝහලට මිලියන 70 ක වෛද්‍ය උපකරණ

(07.12.2018 – 21:42 +0530 – lankadeepa.lk) කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී අද (07) සිදුකෙරිණි. ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්‍යක්‍ෂ ශ්‍රාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි …

බේරුවල හෙරොයින් ට්‍රෝලරයේ හිමිකරුත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

(08.12.2018 – 07:21 +0530 – hirunews.lk/sinhala) බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී තවත් යාත්‍රාවකට හෙරොයින් ලබාදීම සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා හිමිකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් …

මහින්දට පාර්ලිමේන්තුවේ 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රීවරුන්ගේ මිල ගණන් ඉහල යාමනිසා.. – ජනාධිපති

(08.12.2018 – 13:20 +0530 – lankacnews.com) මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ටෙන්ඩර් දමා මිල ගණන් කැඳවීම් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඇතැම් මන්ත්‍රීවරුන් රුපියල් මිලියන 500 දක්වා ඉහළ මිල ගණන් ලංසු තැබූ බව තමන් පුද්ගලිකව දන්නා බව ද ඔහු සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සදා ගැනීමට නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් …

අපොස සා.පෙ. විභාග වංචා කළ ගුරු ගොල දෙපළට විනය පරීක්ෂණ

(08.12.2018 – 07:17 +0530 – sinhala.adaderana.lk) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග වංචා සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගුරුවරිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණය සිදුකෙරෙන බව සඳහන් වේ. සිද්ධීයට අදාළව පාර්ශව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පරීක්ෂණ වලින් අනතුරුව අදාළ ගුරුවරිය සම්බන්ධයෙන් ගනු ලබන …

අපේ පොදු සතුරා UNPයයි; පොහොට්ටුය අභියෝගයක් නොවෙයි – ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්

(08.12.2018 – 11:29 +0530 – sinhala.adaderana.lk) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් , මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. ඊයේ (07) පස්වරුවේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ …

පෙත්සම් විභාගය අවසන් – තීන්දුව ලබාදෙන දිනයක් ප්‍රකාශයට පත් නොකෙරේ – එතෙක් අතුරු තහනම දිගු වෙයි

(07.12.2018 – 18:38 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් විභාගය අද (07) පස්වරුවේ අවසන් වුණා. නමුත්, එහි තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණේ නැහැ. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියෝග කළේ පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අදාළ පෙත්සම් …

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන්

(07.12.2018 – 22:06 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ, ජනාධිපති නිල නිවසේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වුණේ පස්වරු 7 ට පමණයි. පැය 2 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධයෙන් …