Day archives: දෙසැම්බර් 15th, 2018

ඉන්දියාවේ ධනවත්ම විවාහයක නර්ථන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහට

(15.12.2018 – 19:27 +0530 – sinhala.adaderana.lk) ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයේ නර්තන අධ්‍යක්ෂණය මෙරට ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂ චන්දන වික්‍රමසිංහ මහතා‍ විසින් සිදු කරනු ලදි. මෙම විවාහ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා මුම්බායි නුවරදී පැවැත් විය. ඉන්දියාවේ ධනවතා වන ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහ උත්සවය ලොව පුරා …

මහ මැතිවරණයක් නොමැතිව අග්‍රාමාත්‍ය ධුරයක් මට එපා – හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා

(15.12.2018 – 13:46 +0530 – sinhala.adaderana.lk) පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ තම පාර්ශවයේ අරමුණ වුයේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීම බවත් මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ …

හදිසියේම අද (16) මධ්‍යම රාත්‍රියේ සිදුවන පැය 18 ක ජල කප්පාදුවක් ගැන විශේෂ දැනුම්දීමක්

(15.12.2018 – 06:46 +0530 – hirunews.lk/sinhala) අද (16) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන …

සමන් රත්නප්‍රිය සහ වියන්ගොඩ සඳුදාත් කැදවයි

(14.12.2018 – 16:17 +0530 – hirunews.lk/sinhala) පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදා (17) පෙරවරුවේදීත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ගෙන් ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර …

අගමැතිට සහ ඇමති මණ්ඩලයට එරෙහි අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් නොකරයි – පෙත්සම විභාගයට ගැනීමටත් තීරණයක්

(14.12.2018 – 17:50 +0530 – hirunews.lk/sinhala) අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා …

හිටපු ජනපති මහින්ද, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලක්ෂ්මන් යාපා කියයි

(14.12.2018 – 19:12 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ සම්බන්ධයෙන් තීරණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වටහාගත නොහැකි දෙයක් ගැන මන්ත්‍රී ඩලස් කියයි

(14.12.2018 – 19:56 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන විට අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා මහ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට යෑම තවමත් තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා. පක්ෂයේ අනුදැනුමකින් තොරව පළකළ අදහස් ගැන මහින්ද සමරසිංහගෙන් නිවේදනයක් (14.12.2018 …

ලේක්හවුස් සේවක සංගමයෙන් ඉල්ලීමක්

(14.12.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala) තම ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළ පිරිස් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ලේක්හවුස් සේවක සංගමය ඉල්ලා සිටිනවා. අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සේවක සංගම් නියෝජිතයින් මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඊයේ පස්වරුවේ …