Day archives: දෙසැම්බර් 18th, 2018

අලි-කොටි-සීනු රූකඩ ආණ්ඩුවට ආයුෂ ඉතා කොටයි… – ප්‍රසන්න රණතුංග

(18.12.2018 – 16:40 +0530 – lankacnews.com) අලි කොටි සීනු රූකඩ ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවත් කකුළුවා නටන්නේ දිය හැළියේ වතුර රත්වන තුරු පමණක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහද්‍රෝහී ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය සූදානම් බවත් මිනුවන්ගොඩ …

පදිකවේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි

(17.12.2018 – 20:55 +0530 – lankadeepa.lk) උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදිකවේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. …

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ව්‍යාජව සකස් කළ ගුරුවරයෙකු අත්අඩංගුවට

(17.12.2018 – 17:38 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ව්‍යජව සකස් කර, පාසල් ළමයින් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ගුරුවරයෙකු මහියංගනය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන් නොමිළේ පවත්වන බවට පවසා රාජ්‍ය සේවය පිණිසයි යන මැයෙන් ලිපි සකස් කර සිසුන්ගේ නිවෙස් වෙත යොමු කර එම ගුරුවරයා මුදල් වංචා කර ඇති …

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න නුසුදුසුයි – යළි GMOA කියයි

(17.12.2018 – 20:18 +0530 – hirunews.lk/sinhala) නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න මහතා නුසුදුසු බවට ජනාධිපතිවරයාට කර ඇති ලිඛිත කරුණු දැක්වීම මිළඟ කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා. කැබිනට් මණ්ඩලය 30 …

පළාත් සභා 06 ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට නැහැ

(16.12.2018 – 20:22 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් 06 ක ප්‍රධාන අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළ නොකිරීමට තීරණය කර තිබෙනවා. අද (16) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පළකළා. උතුරු මැද, බස්නාහිර, දකුණ, ඌව, මධ්‍යම සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා. සම්බන්ධන්ගේ …

මාඔය පාලම මතදී සිදුවූ අනතුර (විඩියෝ)

(17.12.2018 – 16:36 +0530 – hirunews.lk/sinhala) හඟුරන්කෙත – මාඔය පාලම මතදී ලොරි රථයක්, ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (17) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. මෙම අනතුරින් රථ වාහන තුනකට අලාභ හානි සිදුව තිබෙනවා. අනතුර සිදුකල ටිපර් රථයේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මේ අනතුර සිදුව ඇතිබවයි පොලිසිය කියා සිටියේ. හඟුරන්කෙත …

අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා – අවසන් ලැයිස්තුව හෙට (18)

(17.12.2018 – 12:29 +0530 – hirunews.lk/sinhala) නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක් අද දිනයේද පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව බොහෝ දුරට හෙට දිනය වනවිට අවසන් ලැයිස්තුව සකස් කෙරෙනු ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පිළිබඳ ගැසට් නිවේදනය සහ එක්සත් ජාතික …

කැබිනට්ටුව 28 ක් කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනපති ගෙන් ඉල්ලයි

(17.12.2018 – 13:22 +0530 – hirunews.lk/sinhala) කැබිනට්ටුව 28 ක් කරන්නැයි ජනපතිට ඉල්ලීමක් නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර 28 දෙනෙකුට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී …