Day archives: දෙසැම්බර් 19th, 2018

පිටකොටුවෙන් අහුලා ගත් රු. 190,000 ක මුදලක් පොලීසියට ගෙනැවිත් බාරදෙයි

(18.12.2018 – 18:34 +0530 – lankadeepa.lk) කොළඹ, පිටකොටුව ප‍්‍රදේශයේ මාර්ගයක අද (18) වැටී තිබූ රුපියල් 1,90,000 ක් සහිත මුදල් පාර්සලයක් පදික වෙළඳාමේ නියුතු අයෙක් විසින් අහුලාගෙන කොටුව ප‍්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ. පිටුකොටුවේ මාර්ගයක වැටී තිබූ මෙම මුදල් පාර්සලය හමුවී ඇත්තේ පදික වෙළඳාමේ නිරතව සිටින කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මි මුබාරක් …

මුදල් වංචා කළ කාන්තාව 21 තෙක් රිමාන්ඩ්

(18.12.2018 – 18:32 +0530 – hirunews.lk/sinhala) රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඇය අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ නවගමුව – රනාල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට …

එක්නැලිගොඩ ජීවත්ව සිටිනවා නම් මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – බොදුබල සේනා සංවිධානය

(18.12.2018 – 18:34 +0530 – hirunews.lk/sinhala) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහු මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගෙන් කළ ඉල්ලීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් අද මහනුවරදී අස්ගිරි …

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඩ නොතබන බව යාපා කියයි

(18.12.2018 – 18:27 +0530 – hirunews.lk/sinhala) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටෙකත් ඉඩ ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අහිතකර වගන්ති වෙනස් කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ …

විපක්ෂ නායක ධුරය මහින්දට – විජයමුනි සොයිසා, ඉන්දික සමග ලක්ෂ්මන් සෙනෙවිරත්න පැති මාරු කරයි

(18.12.2018 – 18:45 +0530 – hirunews.lk/sinhala) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අද පත් කෙරුණා. එහිදී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පත් කරන බවයි. එසේම, සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් …